
(යොහාන් භාසුර සහ කේ. බුද්ධික කුමාරසිරි)
ජල ඒකක 25 ට අඩුවෙන් පාරිභෝජනය කරන පාරිභෝගිකයන්ට ලබාදුන් සියයට 10 ක වට්ටම මෙම මස (ජනවාරි) සිට අත්හිටුවා ඇතැයි ජාතික ජල සම්පාදනය හා ජලාපවාහන මණ්ඩලයේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.
ජල ගාස්තු වැඩි කරන ලෙස බලධාරීන්ගෙන් අවස්ථා කීපයකදීම ඉල්ලීම් කළ ද එයට හොඳ ප්‍රතිචාරයක් නොලැබුණු බව කී එම උසස් නිලධාරියා වර්තමාන තත්වය මත අදාල වට්ටම තව දුරටත් දිය නොහැකි නිසා එය අත්හිටුවූ බව ද සඳහන් කළේය.
ජල ඒකක 25 ට අඩුවෙන් පාරිභෝජනය කරන පාරිභෝගිකයන්ට සියයට 10 ක වට්ටම 2012 වසරේ සිට ලබාදුන් බවත් ජලසම්පාදන මණ්ඩලයට තව දුරටත් ජනතාවට සහන ලබාදීමේ හැකියාවක් නොමැති බවත් එම නිලධාරියා කීය.
ජලසම්පාදන මණ්ඩලය සෙසු ජල ඒකකවලට අදාලව කිසිඳු ගාස්තුවක් ඉහළ දැමීමක් කර නොමැති බව කී එම නිලධාරියා පැවසුවේ ජල ඒකක 25 ට අඩුවෙන් පාවිච්චි කරන පාරිභෝගිකයන් ප්‍රමාණය ඉතාමත් අඩු බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජල ගාස්තු අදට ගැලපෙන පරිදි සංශෝධනය කරන්න. අපේ අයට ජලයේ වටිනාකම තේරෙන්නේම නෑ. ඒ තරම්ම අපතේ අරිනවා.
ලක්ෂ ගණන් පාවිච්චි කල ජල බිල්පත් නොගෙවා ඉන්න දේශපාලුවන්ගෙන් සිදුවෙන පාඩුවත් පාරිභෝගිකයන්ටද දරන්න වෙන්නේ.?