IMG-LOGO

2025 මැයි මස 24 වන සෙනසුරාදා


ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය: සුදු පොලිස් නිලධාරියා වරදකරු වෙයි

ජෝර්ජ් ෆ්ලොයිඩ් නමැති කළු ජාතිකයාගේ මරණය සම්බන්ධයෙන්, සුදු පොලිස් නිලධාරී ඩෙරික් චෝවින් වරදකරු විය. ෆ්ලොයිඩ් ඝාතනය සම්බන්ධ නඩු විභාගය සති දෙකකට වැඩි කාලයක් තිස්සේ පැවැත්වුණු අතර තීන්දුව ප්‍රකාශයට පත් කරන ලද්දේ 12 දෙනකුගෙන් සමන්විත ජූරි සභාවක් මගිනි.

ජූරි සභාවේ 6 දෙනකු සුදු ජාතිකයන් වුණු අතර, ඉතිරි 6 දෙනා ඇමෙරිකන් කළු ජාතිකයන් මෙන්ම ඇමෙරිකාවේ වෙසෙන සෙසු බහු වාර්ගියකයන්ගෙන් සමන්විත විය. ජූරි සභාව පැය 10 ක් තිස්සේ සාකච්ඡා පවත්වා අවනස් තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය සම්බන්ධයෙන් 45 හැවිරිදි මිනියැපොලිස් පොලිස් නිලධාරී ඩෙරික් චෝවින් ට පුද්ගල ඝාතන චෝදනා 3 ක් එල්ල වී තිබුණු අතර ඔහු එම චෝදනා තුනටම වරදකරු විය.

පසුගිය 2020 මැයි 25 වැනිදා, ඩෙරික් චෝවින්, ජෝර්ජ් ෆ්ලොයිඩ් අත්අඩංගුවට ගත්තේ ෆ්ලොයිඩ් ට මාංචු දමා බිම පෙරළා, දණ නවා ෆ්ලොයිඩ්ගේ ගෙල සිරකර ගනිමිනි. එම සිදුවීම ජංගම දුරකතන හරහා පටිගත වුණු අතර, පසුව එය ඇමෙරිකන් මාධ්‍ය හරහා ලොව පුරා ප්‍රසිද්ධියට පත් වූයේ මහත් කම්පනයක් ඇති කරමිනි. ‘මට හුස්ම ගන්න බෑ’ යනුවෙන් ෆ්ලොයිඩ් කෙඳිරි ගාමින් සිටින අයුරු ද වීඩියෝවෙන් දකින්න ලැබුණි.

(රොයිටර්)



අදහස් (2)

ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය: සුදු පොලිස් නිලධාරියා වරදකරු වෙයි

Gonta Wednesday, 21 April 2021 10:43 PM

නිවස් සැප ලැබේවා...

:       0       2

රාජුන් Thursday, 22 April 2021 02:14 AM

ලංකාවෙත් නඩු ඇහුවොත් (හරි විදිහට) පොලිසියෙන් බාගයක් හිරේ

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 70 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 480 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 248 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site