(ඉන්දිකා රාමනායක)
ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පැවති සාදයක් අතරතුර කිසියම් සිදුවීමකින් පඩිපෙළ දිගේ පැමිණි ට්‍රැක්ටර් රෝදයක් වැදී බිම ඇදවැටී හිසට බරපතල තුවාල සිදුවී සිසුවෙක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ දකුණ අපරාධ කොට්ඨාසය පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිසිය කියයි.
බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගෙන් නියමයෙන් සහකාර පොලිස් අධිකාරීවරයකුගෙන් යුත් කණ්ඩායමක් මේ සඳහා පත්කර ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
පොලිස් නිලධාරීන් සිද්ධිය සිදු වූ විශ්ව විද්‍යාලයේ ක්‍රිඩාංගනය අසලට ගොස් පරීක්ෂණ ආරම්භ කර තිබූ අතර සිසුන් ඇතුළු 12 දෙනකුගෙන් පමණ සිද්ධියට අදාලව ප්‍රකාශ සටහන් කරගත් බව එම පොලිස් නිලධාරියා කීය.
පොලිසිය එම ස්ථානයට යන අවස්ථාවේ දී ක්‍රීඩාංගනයේ පඩි පෙළ මත ඉහත ට්‍රැක්ටර් රෝදය එලෙසින්ම තිබූ බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
සිද්ධිය වන අවස්ථාවේ එම පඩි පෙළේ හා අවට කිහිපදෙනකුම රැඳී සිට ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
සිද්ධිය වු දින අලුයම 1.30 ට පමණ පසිදු සිසුවා ජලය පානය කිරීම සඳහා පඩිපෙළ නැග ක්‍රීඩාගාරය බලා යන අතරේ මෙම රෝදය ඉහළ සිට පඩිපෙළ දිගේ පැමිණෙනු එම ස්ථානයේ සිටි කිහිපදෙනකු දැක ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
වෙනත් දිනවල දී එම ටයර් එක උපයෝගි කරගෙන සිසුන් ක්‍රිඩා කරන බවට පොලිසිය තොරතුරු හෙළි කරගෙන ඇති අතර එදිනත් කිසිවකු මෙම ටයර් එක පදිමින් සිටියදී එක වර පහළට පැමිණීමෙන් සිදු වූ අහඹු අනතුරක් ද, නැතහොත් පසිදු ඉල්ලක්ක කරගෙනම කිසිවකු පහළට ටයරට එව්වේ ද යන්න හෙළි කර ගැනීමට පරීක්ෂණ පවත්වන බවද පොලිසිය පවසයි.
තුවාල ලබා සිටි පසිදු සිසුවා සිද්ධිය වන අවස්ථාවේ මත්පැන් පානය කර නොමැති බව පොලිස් ආරංචි මාර්ග කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය හේතු නිසා තමයි කාලකණ්ණි ටික සීසීටීවී කැමරාටික ගලවලා දැම්මේ...
2018 අගෝස්තු මාසයේ රුහුණ තාක්ෂණ පීඨ නේවාසිකාගාරයේදී ආචාර්යවරයෙක්ගේ හිසට වතුර පිරුන ඔහුගේ හිසට බාල්දියකින් උඩු මහලේ සිට පහරදුන්න සිසුවා හදුනාගෙන පැය 4 ක් සාක්ෂි ලබාදුන්නා. නමුත් අදටත් ඒ සිසුවාට ඒ සිදුවීම සම්බන්ධව කිසිම දඩුවමක් දීමට මේ ෆේස්බුක් වල බොරු කයිවාරු ගසන මහත්තුරු කටයුතු කර නෑ. ඒ ගැන පොලිසියට පැමිණිලි කිරීම වැළැක්වුවේ විශ්විද්‍යාලයේ එවකට හිටපු ඉහල නිලධාරීන්. නවක වදය මර්ධනය කරන්න ගියපු ආචාර්ය මණ්ඩලය මර්දනය කරන්න හදපු එක තමයි කලින් රුහුණ විශ්විද්‍යාලයේ හිටපු පරිපාලන නිලධාරීන් කළේ. ජපුරේ සිසුවෙකුගේ හිසට ටයර් එකක් පෙරලූ සිසුන්ට දඩුවම් කරන්න කතා කරන්නේ රුහුණේ ආචාර්යවරයෙකුගේ හිසට උඩු මහලේ සිට වතුර පිරුන බල්දියින් පහර දුන් සිසුවා හදුනාගෙන පැය ගානක් සාක්ෂි දීලත් කිසිම දඩුවමක් දෙන්න බැරි වුන නිලදාරීන්.
අත්වැරැද්දකින් වුණානම් තමන් අතින් එහෙම දෙයක් වුණා කියන්න මිනිහෙක් ඉන්න වෙනවා.
අනේ පැටව් ටික ටයර් එකත් එක්ක සෙල්ලම් කර කරනේ ඉඳලා තියෙන්නේ.
කොච්චර හොද ළමයිද? පාන්දර 1.30 වෙනකනුත් ටයර් එකත් එක්ක සෙල්ලම් කර කරනේ ඉඳල තියෙන්නේ.
මෙම සරසවි සිසුන් උගත් මෙන්ම "ඉතාම" බුද්ධිමත් ළමුන් පිරිසක් බැවින් මෙවැනි නිවට ගොන් පාට් ක්‍රියාවන් ඔවුන්ගෙන් නම් කිසිවිට නොවෙන බව 100% විස්වාසය.අනිවාර්යයෙන්ම මෙම සාපරාධි ක්‍රියාව කර ඇත්තේ නුගත් කුඩුවලට, කසිප්පුවලට, ගංජාවලට ඇබ්බැහිවූ " පාදඩ රස්තියාදුකාර රැවුල්කාරයන් "බව ඉතාමත්ම පැහැදිලිය.
මෙවැනි සාද රෑ තිස්සේ තැබීමට අවසර ලබාදී තිබේද ? රැග් වසන්ගතය මුළිනුපුටා දැමිය යුතුයි.