(විශ්ව ගැමුණු ප්‍රියංකර )

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පර්යේෙෂණ අංශයට යාබද වලල්ලාවිට යගිරල වනාන්තරයේ පුරා පැතිරී ඇති පයිනස් වගාවන් අතර වටිනා කමින් යුතු පැළ 1000 ක් රෝපණය කිරීමට ඉකුත් දා පියවර ගත්තේය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වන හා පාරිසරික විද්‍යා අධ්‍යන අංශය මෙම වටිනා කටයුතුත ක්‍රියාවට නැංවීය.

මෙම අවස්ථාවට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුප පස්කුවල් මහතා මෙසේ පැවසුයේ

අපේ රටේ දේශීය ඔෂධ විනාශ වීමට මුළිකම හේතුව වෙලා තියෙන්නේ ඔෂධ පළෑටි පිළිබඳ නොදන්නාකමයි.

අද පොඩි පරම්පරාව විතරක් නොවෙයි අපේ පරම්පරාවේ අය අතරත් ඔෂධ පිළිබඳ දැනුම ඉතාම අඩුයි දේශිය වෛද්‍ය විද්‍යාව පිළිබඳ උපාධි ලබා දෙන අංශවලත් පෙල පොත් මගින් උගන්වන්නේ වංශය කුලය ආදී උද්හිද විද්‍යාත්මකව ඇති තත්වය පමණයි ඒ නිසාම හුඟක් අය සජීව ලෙස දැකීමෙන් ඔසු පැළෑටි අඳුනන්නේ නැහැ.

අනාගතය වෙනුවෙන් මේ දෙීය ඔෂධ රැක ගන්න නම් පළමු වස‍රේ පෙළ පොතේ සිටම මේ දැනුම ලබා දීමට කටයුතු කළ යුතුයි.

පයිනස් වගාව මගින් වනාන්තරයේ බොහෝ වටිනා කමකින් යුතු ශාක රැසක් විනාශ වීම මේ වන විටත් සිදු වී ඇති බව හඳුනාගෙන ඇති බවත් මේ තත්වය ඉදිරියේදී බහුලව පැතීර යාම වැලැක්වීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය අරඹා තිබුණි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විදයාලයේ වන හා පාරිසරික විද්‍යා අධ්‍යන අංශයේ රාජිත රූපසිංහ යගිරල බීට්ටුවන නිලධාරී ප්‍රභාත් රණවක යන මහත්වරුන්ද මේ සඳහා සිය සහයෝගය ලබා දීමට එක්ව සිටියා.