IMG-LOGO

2025 නොවැම්බර් මස 20 වන බ්‍රහස්පතින්දා


ජපන් රැකියා සංචිතයක් හදයි

(අංජුල මහික වීරරත්න)

ජපන් භාෂා පුහුණුව සම්පූර්ණ කළ ශ්‍රි ලාංකිකයින් 5000ක ගේ සංචිතයක් නිර්මාණය කරන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා පැවැසීය.

2026 වර්ෂයේ දී මෙම  සංචිතය නිර්මාණය කරන බවද සභාපතිවරයා කීය.

ජපානයේ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් බඳවාගෙන ඇති සමාගම්වල ප්‍රධානීන් පිරිසක්  විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඉහළ කළමනාකාරීත්වය හමුවූ අවස්ථාවේ දී වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේය.

 නව රජය යටතේ විදේශ රැකියා  සඳහා ක්‍රියාත්මක කෙරෙන බඳවාගැනීමේ ක්‍රමවේදයට මේ වන විට විවිධ රටවලින් පැසසුම් ලැබෙන බවද ඔහු සඳහන් කළේය.

ලංකාවෙන් ශ්‍රමිකයින් වැඩි වශයෙන් බඳවා ගැනීමට ඇති හැකියාව සොයා බැලීම හා ජපන් රැකියා ප්‍රවර්ධනය කර ගැනීම ජපන් දූත පිරිසගේ සංචාරයේ අරමුණ වන අතර, ඒ සඳහා ජපානයේ IM Japan ආයතනයේ ප්‍රධාන කාර්යාලයේ විධායක අධ්‍යක්ෂක කෙන්ගො හොරි (Kengo Horie) මහතා ඇතුළු නිළධාරීහු හා ජපානයේ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් බඳවාගෙන ඇති සමාගම් 18ක නියෝජිතයෝ එක්ව සිටියහ.

මෙහිදී, ජපන් භාෂා පුහුණුව සම්පූර්ණ කළ ලාංකිකයින් 5000ක පිරිසක් 2026 වර්ෂය තුලදී නිර්මාණය කිරීමටත්, 1000 ක පමණ පිරිසකට IM Japan ආයතනය හරහා ජපානයට යොමුකිරීමට අවශ්‍ය කටයුතු සිදුකිරීමේ වැඩපිළිවෙලක් කාර්යාංශය හරහා නිර්මාණය කිරීමටත් බලාපොරොත්තු වන බව කාර්යාංශ සභාපතිවරයා සඳහන් කළේය. 



අදහස් (1)

ජපන් රැකියා සංචිතයක් හදයි

රනේ Wednesday, 19 November 2025 04:34 PM

සජිත්ටත් කළ හැකි දේ මෙහි තිබේ දැයි සොයා බැලීම වටී.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 87 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 930 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2548 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site