
මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා 9 වැනි පාර්ලිමේන්තුවේ මංගල සභා වාරයේ ප්‍රථම රැස්වීම ආරම්භ වීමට පෙර අද (20) ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරයේ නිල වශයෙන් සිය රාජකාරි ආරම්භ කළේය.
අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය විසින් උණුසුම් ලෙස පිළිගැනීමෙන් අනතුරුව, සිය කාර්යාලයීය ලිපි වලට අත්සන් තබමින් නිල කටයුතු ආරම්භ කළේය.
ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පසුගිය වසරේ ජනවාරි මස 03 වැනි දින සිට මාර්තු 02 දා දක්වා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස කටයුතු කළේය.
මෙම අවස්ථාවට රජයේ මන්ත්‍රීවරු, රාජ්‍ය නිලධාරිහු, හා පාර්ලිමේන්‍තු විධායක නිලධාරීහු ඇතුළු පිරිසක් සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේවා...!!! ජොනී එක රෝම කූපයක්වත් හොල්ලන්න දෙන්න එපා...
මීට පස්සේ එතුමා එක සැරයක් කළා වගේ කතානායකගේ ටෙලිෆෝන් එක කඩලා විසිකරන එකක් නැහැ.
පසුගිය කාලේ ගරුත්වයක්, විනයක් ඇතිව පාර්ලිමේන්තුවේ හැසිරුණු මන්ත්‍රීවරුන්ට තාම මේ වගේ වැදගත් තනතුරු හිමිවෙන්න ඕනේ...