
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ආණ්ඩුවට ලැබුණු ජන වරම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා පාවිච්චි කරන්නැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"ඊයේ දිනයේ 22 සංශෝධනය ඉදිරිපත් කළා.අධිකරණ ක්ෂේත්‍රයට බලපාන වයස සීමාව ඉහල දැමීම සම්බන්ධව පසුගිය කාලය පුරාම මේ රටේ යම් සංවාදයක් තිබුණා.ව්‍යවස්ථාවට කාලයක් තිස්සේ සංශෝධන එනවා.පසුගිය කාලයේ තමුන්නාන්සේලා බලයට ගේන්න කටයුතු කරපු පක්ෂ මෙන්ම දේශපාලන නායකයන් මෙන්ම වෘත්තකයන් මෙම සංශෝධනයට විරුද්ධව අදහස් පළ කරමින් සිටිනවා.22 හරහා අධිකරණයේ ස්වාධීනත්වයට යම් ගැටලුකාරී තත්ත්වයක් ඇතිවෙන නිසා ආණ්ඩුව බලයට ගේන්න ක්‍රියා කරපු උදවියත් මේ විදියට විරුද්ධ වෙලා තියෙනවා.
ජේ.ආර් ජයවර්ධන ජනාධිපති ගෙනාපු මේ ව්‍යවස්ථාව සම්බන්ධව තමුන්නාන්සේලාට දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා. ඔබ ලා හැමදාම මේ ව්‍යවස්ථාව ඒකාධිපති ව්‍යවස්ථාවක් යැයි හැඳින්වූවා.මේ ව්‍යවස්ථාව ඉරා දමන්න ඕනෑ යයි පෙළපාළි ගියා.ව්‍යවස්ථාව නිසා ප්‍රජාතන්ත්‍රවාදය හැකිලුණා යැයි දිගින් දිගටම ජනතාව හමුවේ කරුණු කිව්වා.නාමික ජනාධිපතිවරයෙක් සහ විධායක අගමැතිවරයෙක් වත් කර ගන්නා අලුත් ව්‍යවස්ථාවක් ගෙන එන බව තමුන්නාන්සේලා එදා ලබා දුන්නා.ජන වරම ලැබුණේ පොරොන්දුවට යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd