IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ජෙනිය දිගේ ආ අකුණෙන් කාර්යාල උපකරණ විනාශ වෙයි

(එච් එම් ධර්මපාල  සහ දිලංගා ගෝමස් ) 

ගල්කිස්ස මංසන්ධියේ අතුරු මාර්ගයක පිහිටි තෙමහල් කාර්යාල ගොඩනැගිල්ලක බිමි මහලේ විදුලි උත්පාදක කාමරයේ ජෙනරේටරයට අකුණු සැර වැදී ඇතිවූ ගින්නකින් එහි දේපළ දැවී විනාශවී ගොස් ඇතැයි දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය කියයි .

විදුලිය විසන්ධිවී තිබූ අවස්ථාවේ විදුලි උත්පාදක ජෙනරේටරය ක්‍රියාත්මකවී තිබූ බවත් , ඒ මොහොතේ ඇතිවූ අධික අකුණු සහිත තත්වය මත අකුණන් වැදීමෙන් මෙම ගින්න ඇතිවී තිබේ.

එම ජෙනරේටරය ඇතුලු කාමරයේ තබූ බඩු භාහිරාදියත් අසල තවත් ගබඩා කාමරයක් සහ විවේක කාමරයක්ද මුලු මනින්ම දැවී ගොස් විනාශවී ඇතැයි ගිනී නිවීමේ ඒකකය කියයි.

මෙම තෙමහල් ගොඩනැගිල්ල හිමිකරු ඇතුලු පිරිස විදේශගතවී ඇති අතර, අනෙකුත් මහල්වල කාර්යාල සංකීර්ණයක් පවත්වාගන යනුද ලබයි .

ගින්න ඇතිවන විට කාර්යාල වසා මාර්ගයේ යකඩ ගේට්ටු පවා ඇතුලතින් ඉබියතුරු දමා වසා ගොස් තිබී ඇත .

ඒ නිසා කුඩා අතුරු මාර්ගයේ මීටර 30 ක් පමණ අසීරුවෙන් පැමිණ ගේට්ටු අසීරුවෙන් විවර කර ඇතුලුවී ගින්න මැඩ පවත්වා පලවන මහල හා ඉහල මහල්වලටත් කාර්යාල සංකීර්ණයටත්  පැතිර යාම වලක්වා ගනු ලැබූ බව ගිනි නිවන ඒකකය කියයි.

ගින්න ඇතුවූ අවස්ථාවේදී පළමු  මහලේ සිරවී සිටි නිවසේ මෙහෙකාරිය පිටතින් ඉනිමගක් තබා බිමට ගෙන ඇත .

           

 



අදහස් (0)

ජෙනිය දිගේ ආ අකුණෙන් කාර්යාල උපකරණ විනාශ වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 665 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site