(නිමල කොඩිතුවක්කු)
තුනෙන් දෙකේ බහුතර බලයකින් ආණ්ඩුව අයවැය සම්මත කර ගත්තත් ජනමතය අබියස ආණ්ඩුවට තුනෙන් එකවත් නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
පාර්ලිමේන්තුවෙන් පිටත ජනතාව ඉදිරියේ දී හැකිනම් තම බලය උරගා බලන ලෙස ආණ්ඩුවට අභියෝග කරන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක “නගරයෙන් නගරයට ගමින් ගමට දොරින් දොරට” ජනතා ගැටළු විමසන වැඩසටහන් මාලාවේ තවත් අදියරකට අවිස්සාවේල්ලේ දී එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
රටේ ජනතාව එදා වේල කන්න නොහැකිව සුසුම් හෙළත්දී ආණ්ඩුව ඒ පිළිබඳව කිසිදු තැකීමක් නොකර රටේ සියලු ක්ෂේත්‍ර මහා ව්‍යසනයක් වෙත තල්ලු කොට ඇතැයිද විපක්ෂනායකවරයා පැවසීය.
වර්තමානයේ රටේ පවතින්නේ වෙන්දේසි ආණ්ඩුවක් බවත් රටම නොමග යවමින් ආණ්ඩුව සිදු කරනු ලබන මේ මහා විකිණීමට එරෙහිව සමගි ජන බලවේගය කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයාටත් එච්චරම තමයි. අනුර කුමාරලාට, ෆොන්සේකාලාට කරගන්න දීලා පැත්තකට වෙලා ඉන්නවද?
සහතික ඇත්ත.
ඔයාලාටත් ඒකමයි. 25ක්වත් එන එකක් නැහැ...
පේන කියන දේවාලයක් දාමු
ජනමතය විමසන්න තව කොච්චර කල් තිබෙනවාද? එතකොට අපි බලා ගමු. උද්ගෝෂණ පවත්වන හැටිත් මහින්ද කියලා දුන්නානේද? ජනමතය විමසන්න හැටිත් කියලා දෙවි.
මෙයාට 200% තියෙනවා කියන එකනේ මේ තටම තටම කියන්නේ.. අනිත් එකාට තියෙන්නේ 1 ද 3 ද බලන්න ඉස්සෙල්ලා තමන්ට තියෙන ඒවා පුස්ද සක්‍රීයද කියලා තීරණය කරලා කතා කළොත් හොඳ නැද්ද සජි මල්ලියේ... එහෙමනේ වැදගත් උදවිය වැඩ කරන්නේ...!!! කථා කරන්නේ... නිකං මිනිසුන් ඉදිරියේ තව තවත් වාචාල වෙන්නේ නැතිව...