(රංජන් කස්තුරි)
ජනාධිපතිවරණයේ රාජකාරී කළ ගුරුවරුන්ට මෙතෙක් එම දීමනා ගෙවා නැතැයි වාර්තා වේ.
ජනාධිපතිවරණයේ දී ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරුන් සහ ඡන්ද පොළ නිලධාරීන් ලෙස රාජකාරී කළ ගුරුවන්ටත් ඔවුන් විසින් යොදවා ගත් අනියම් සේවකයින්ටත් දීමනා ගෙවා නැති අතර ඒ සම්බන්ධයෙන් එම ගුරුවරු මැතිවරණ කොමිසමට දොස් පවරති.
මැතිවරණ කොමිසන් සභාව එම ගුරුවරුන්ගේ දීමනා කලාප අධ්‍යාපන කාර්යාලවලට ගෙවා නැති හෙයින් මෙම තත්වය උදාවී තිබේ.
ඇතැම් අවස්ථාවල කලාප අධ්‍යාපන කාර්යාල වෙනත් ප්‍රතිපාදනවලින් ගුරුවරුන්ගේ මැතිවරණ රාජකාරී දිමනා ගෙවනු ලබන අතර මැතිවරණ කොමිසමෙන් මුදල් ලැබුණු පසුව ප්‍රතිපූර්ණය කරගත්ත ද මෙවර කලාප කාර්යාලවලට මුදල් නොමැතිවීමෙන් මෙම තත්වය බරපතල වී ඇත.
මේ පිළිබඳව මැතිවරණ කොමිසන් සභාවෙන් කළ විමසුමකදී එහි නිලධාරීන් සඳහන් කළේ මේ වන විට භාණ්ඩාගාරයෙන් මුදල් අයදුම්කර ඇති අතර ඉතා ඉක්මණින් ගුරුවරුන්ගේ දීමනා ගෙවීමට අපේක්ෂා කරන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මීලඟ මැතිවරණය ගුරුවරුන් වර්ජනය කරාවි.
කියන කොටනම් ගුරුවරු දෙවිවරුලු... කරන කොට මෙහෙම තමයි. දෙවිවරු නිසා දිව්‍ය ආහාර, දිව්‍ය සළු තියනවනේ.. සල්ලි මොකටද එහෙම හිතනවා ඇති...