ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (4) නිදහස් දින උත්සවයේදී කළ කතාව අගයමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කර ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා ඉංග්‍රීසි බසින් මෙම ට්විටර් පණිවුඩය නිකුත් කර ඇති අතර ජනාධිපතිවරයා විශිෂ්ට කතාවක් කළ බවත් කතාව මෙන් වැඩ ද කළ යුතු බවත් සඳහන් කර ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා නිකුත් කළ ට්විටර් පණිවුඩයේ මෙසේ දැක්වේ.
“ජනාධිපතිවරයා අද විශිෂ්ට කතාවක් කළා. දැන් ඔහු කතාව වගේම වැඩ ද කළ යුතුයි. ශක්තිමත් නායකයකු යන ප්රජාතන්ත්රවාදී රාමුව තුළ දුෂ්කර තීරණ ගනිමින් ඒවා ක්‍රියාත්මක කරන පුද්ගලයෙකි.
1948 නිදහස ලැබීමෙන් පසු අපි ආ මඟේදී අපේ අර්ථවත් නායකයන් ඉතා හොඳ කතා කළා. දැන් වැඩ කරන්න කාලය ඇවිත්”.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ හාදයින් ඕනෑ නෑ. උතුම් මිනිසුන් අගය කරන්න. තමන්ගේ වැඩක් බලාගෙන හිටියා නම් තමයි වඩා හොඳ...
කපන්න බැරි අත ඉඹිනවා...
දේශපාලුවන්ට කළ හැක්කේ පුරසාරම් දෙඩීම හෝ අවලාද අපහාස කිරීම පමණි. දේශයට හා ජනතාවට කළ යුතු හා කළ හැකි දේ අධිෂ්ඨානශීලීව පෙන්වා දුන් මෙම අවස්ථාව අතිවිශිෂ්ටයි.
ඉන්න රටකට වෙලා ඉන්න. කරුණාකරලා මේ රටට නම් ආයේ පය තියන්න එපා... මේ මිනිහගේ මුහුණ පෙන්නන බැහැ අපට... ජනාධිපතිතුමාගෙන් අහගන්න මොකද්ද තෙරුවන් කියන්නේ කියලා..?
මොකද කුරුඳු පොලු මාස්ටර් පනින්නද අදහස? පනිනවා නම් අපිටත් කියන්න.
ජම්ප් එකක් දාන්න වගේ අදහස. පැත්තකට වෙලා ඉන්න දොරේ. කරපු හරිය මදිද කට්ටිය...?
මොකද පනින්නද හදන්නේ ? හතර මායිමේ වැද්ද ගන්න හොද නෑ මේ වගේ කුරුදු පොලුකාරයෝ.
ගණන් ගත යුතු කෙනෙක් කළ අදහසක් නොවෙයි. දැන් එල්ලෙන්න වැලක් හොයන දූෂිත කෙනෙකි. අපේ රටටින් පිටුවහල් කළ යුතුයි.
අපට ඔබගේ අගය කිරීම් ඕනේ නෑ.
ආයෙත් එම්සිසී එක අරගෙන එන්නද හදන්නේ...
හැරෙන්නේ පොල් පැලේ කන්නද?
පනින්න වගේ අදහස.
මොකටද ඒ පාර එන්න හදන්නේ.
අනේ ඔයාටත් අවුරුදු 4.5 තිබුණා නේද හොඳින් වැඩ කරන්න. දැන් අනුන් කරන හොඳ අගයනවා වගේම තමන් කරපු නරක වැඩ ගැනත් පසුතැවෙන්න. ඉදිරි මැතිවරණයේදී අපිට මතක් වෙයි ඔයාගේ වැඩ.
පැනීමේ පෙර ලක්ෂණ වගේ.... මේ වගේ මිනිස්සුන්ගෙන් මොකටද හොඳ ලේබල්... හොද මිනිස්සු කරන්නේ හොද වැඩ තමා....
රට ජාතිය ආගම පාවා දීපු නිවට ද්‍රෝහීන් කිව්ව්ත් නැතත් ජනපති තමාගේ වැඩ ටික හරියටම කරන බැව් ජනතාවට විශ්වාසයි.
මේ දේශපාලකයෝද ? දැන් මුට්ටිය දාන්න බලන්නේ. ලෝකෙම උතුම්ම රට අපිනේ. මේ වගේ මිනිස්සු ඉදපු හින්ද තමයි ලංකාවට ඉර පායන්නේ.
කතා කරන්නේ සැලසුම් කරලා වුණාට වැඩකරන ගතියක් පේන්න නැහැ.
“ජනාධිපතිවරයා අද විශිෂ්ට කතාවක් කළා. දැන් ඔහු කතාව වගේම වැඩද කළ යුතුයි. ශක්තිමත් නායකයකු යන ප්රජාතන්ත්රවාදී රාමුව තුළ දුෂ්කර තීරණ ගනිමින් ඒවා ක්‍රියාත්මක කරන පුද්ගලයෙකි. 1948 නිදහස ලැබීමෙන් පසු අපි ආ මඟේදී අපේ අර්ථවත් නායකයන් ඉතා හොඳින් කතා කළා. දැන් වැඩ කරන්න කාලය ඇවිත්”. මංගල මහතා කියන්නේ කතාව හොඳයි. වැඩත් ඒවගේ තියෙන්නේ ඕනේ කියලා.
මේ හදන්නේ රාජපක්ෂවරු කෙටවීමට කියලා හිතෙන්නේ මට විතරද ?
මෙතන කොමන්ට් දාන බයියලා මොනවා කිව්වත් 1987 සිට මහින්ද ජනාධිපති කරන කම් ඔබතුමා පොදු පෙරමුණට කළසේවය අපිට අමතක නැහැ. දේශපාලනයේ සදා මිතුරොත්, සදා සතුරෝත් නැත යන කියමන සනාථ කරමින් අපි ඔබතුමාගේ දේශපාලන පිල් මාරුව අගය කරමු. මෙයට අකමැති බයියන් ඉන්නවා නම් රනිල්ගේ පිලට යන්න පුළුවන්...