(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ජනාධිපතිවරයාගේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා වශයෙන් පෙනී සිටිමින් , වරාය,තෙල් සංස්ථාව ඇතුලු රජයේ ප්‍රසිද්ධි ආයතනවල රැකියා ලබා දෙන බව පවසා පුද්ගයන් රැසකගෙන් මුදල් වංචා කළ වඩු කාර්මිකයකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අද (6) පෙරවරවේ දික්වැල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගනු ලැබීය.
දික්වැල්ලේ පදිංචි සැකකරු රැකියා සදහා අයදුම්පත් වල මුලික ගෙවීම් බව පවසමින් රුපියල් 10,000,15,000 වශයෙන් මුදල් ගිණුමට බැරකරගෙන ඇති බවත්, මේ අයුරින් සැකකරු විවිධ ප්‍රදේශවල පුද්ගලයන් රවටා මුදල් ලබාගෙන ඇති බවද පොලිසිය පවසයි.
මංගල දැන්වීම්වල අනුව තවත් කාන්තාවන් රවටා මුදල් ලබාගෙන ඇති බවට තොරතුරු ලැබී ඇත.
සැකකරුට එරෙහිව පැමිණිලි රැසක් කොළඹ අපරාධ කොට්ඨාසයට ලැබී ඇති බවද පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවද මේ වඩ්ඩා හඩ්ඩා කැත කතා? හැම රැකියාවකටම ගරු කරන්න ඉගෙන ගනිල්ලා... එකෙක් වැරදි කළාට අනිත් අය පලි නෑ...
කලබල වෙන්න එපා දීපාල්. ‘‘වඩ්ඩා‘‘ කියලා හඳුන්වලා තියෙන්නේ ආදරේට මිස මදිපුංචිකමක් කරන්න නෙවෙයි. අහලා නැද්ද ‘‘ මගේ වැඩ්ඩෝ‘‘ කියන සිංදුව..?
වඩ්ඩා සිය දහස් ගණනින් හොඳ ඇති... මේ ජනාධිපති ලෙකම් කරන වැඩවලට වඩා...
හඩ්ඩට අරක දුන්නා නම්, මේක වැඩ්ඩා දීම නරක වෙන්නේ කොහොමද?