
(අංජුල මහික වීරරත්න සහ ජේ.ඒ.එල් ජයසිංහ)
ජනාධිපති අනුරු කුමාර දිසානායක මහතා මහනුවර මල්වතු විහාරයේදී අද (27) තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.
ජනාධිපතිවරයා මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ කටයුතු සඳහා සහභාගී වීම සඳහා මහනුවරට පැමිණි අවස්ථාවේ මෙම බැහැ දැකීම සිදුවිය.

අනතුරුව ජනාධිපතිවරයා වරකාගොඩ ශ්‍රී ඤාණරතන අස්ගිරි මහ නාහිමිද ,මල්වතු අස්ගිරි අනු නාහිමිවරුන්ද බැහැ දුටුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd