(දයාසීලි ලියනගේ)
පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කරන හෙට (3) දිනයේ හමුදා උත්තමාචාරය නොපැවැත්විය යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී ඇත.
සාමාන්‍යයෙන් මෙම සැසිය විවෘත කරන විට අශ්වාරෝහකයන් සමඟ පිවිසෙන ජනාධිපතිවරයා වෙනුවෙන් හමුදා උත්තමාචාරය පුද කිරිම සිදුවේ.
ඒ අනුව හමුදා උත්තමාචාරය සඳහා පුහුණූ කිරිම් පැවති අතර ජනාධිපතිවරයාගේ නියමයෙන් ඒ සියල්ල අවලංගු කර ඇති බව වාර්තාවේ.
මීට අමතරව ජනාධිපතිවරයා අශ්වාරෝහකයන් සමඟ පැවරිම ද අත්හිටුවා ඇත. මෙවර සැසිවාරය ඉතා සරල අන්දමින් සිදුවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම අපිට ඕනේ මෙන්න මේ වෙනස තමයි. ජනපතිවරයාගෙන් පල්ලෙහා ඉන්න කට්ටියත් අපි හිතනවා ඉක්මණින්ම සරල බව අනුගමනය කරයි කියලා. ජනතා සේවකයන් සුරඟන ලොවෙන් මහපොළවට බැසිය යුතු කාලය දැන් පැමිණ ඇත. අනික ජනතා මුදල් කාබාසිනියා කරන එක සහ හොරකම නැතිකරා නම් අපේ රට දියුණු කරන එක අපි හිතන තරම් අමාරු වෙන එකක් නැහැ. ජයවේවා ජනපතිතුමනි...
ඡන්දය දුන්නු ජනතාවගේ අපේක්ෂාව වුයේ හොඳ එඩිතර රටට වැඩක්කරණ, අපේ රට වැටිලා තියෙන අගාධයෙන් ගොඩගන්න පුළුවන්, බොරු සෝබන, බොරු කලබල නැති නිහතමානි නායකයෙක් බිහිකිරීමයි. ඡන්දය දුන්න, නුදුන්න සියලුම දෙනාට බලාපොරොත්තු තබා ගතහැකි නායකයෙක් බිහිවී තිබේ. රටට ජයවේවා! ගෝඨාභයට ජයවේවා!
ඇත්තටම මේක නං හොඳ වැඩක්. අගය කළයුතුයි.
ඔව් අපිට ඕනේ මෙහෙම කෙනෙක්.. ඒත් අප්‍රේල් වෙනකම් නොවේ.
විශිෂ්ටයි ජනපතිතුමනි.., ඔබ අපේ ඡන්දයට නිවැරැදිම වටිනාකම ලබාදී තිබෙනවා.. චිරං ජයතු ජනපතිතුමනි...!
සිරිසේන, මතකද 10 පෙන් එකෙන් සරලව අත්සන් කළා..
මම ඔබතුමාට ඡන්දෙ දුන්නේ නැති එක ගැන දැන් දුක් වෙනවා. ඔබ නියම නායකයෙක්...
මම නම් කැපුවත් කොළ වගේ හිටියේ... දැන්නම් හිතෙනවා මෙතුමා තමා අපේ රටට ගැලපෙන්නේ කියලා... ඔබ නියම නායකයෙක්. ජයවේවා..!!!
ජනපතිතුමනි, අවවාදයට වඩා ආදර්ශය උතුම් යැයි අසා ඇත්තෙමු. දෙයක් කරන්නට අණකරනවට වඩා, ඒ දෙය නිවැරදිව කර පෙන්වීම අගනේ යැයි අසා ඇත්තෙමු. එසේ නම් හරි දෙයක් කර පෙන්වන නායකයෙක් පළමු වරට අප රටට ලැබී ඇත. කළයුතු වන්නේ රට අතට ගෙන, රට සූරා කන්නන්ගෙන්, බල ලෝබීකමින් ආයතන වල සිටින්නන්ගෙන්, රට කන පාර්ලිමේන්තුවට රින්ගන්නන්ගෙන් අරක්ෂා කර ඔවුන්ව නෙරපීමයි.. රට පමණක් නොව අප රටේ සමහර උගතුන්, බුද්ධිමතුන් කියා ගන්නා සමහර අයගේද මොල සුද්ද කිරීමේ කාලයද උදවී ඇත. එය කළ හැක්කේ ඔබට, ඔබ දකිනා නිවැරැදි දැක්මෙන් යැයි සිතමි. ඔබට ජය පතමි...
ඉතාමත් සතුටුයි! චිරං ජයතු ජනපතිතුමනි!!!
මේ තීරණය ඉතා අගේ කරමි. දේශපාලන පාටවලින් අපිට වැඩක් නැත. නිසිදේ නිවැරදි යමක් රට වෙනුවෙන් කරන නායකයින් අපි අගේ කරමු. මහා ධනස්කන්ධයක් විනාශ කිරීම මේ මගින් වළක්වා ඇත.
ජනතාවගේ බදු මුදලින් ජීවත් කරවන රාජ්‍ය නායකයා සැබෑම නායකයකු වීම මේ තුළින් මතුකිරීම වටිනවා. නමුත් මේ තත්වය දිගටම පැවතුණොත් අගය කළයුතුමයි..
අපි බලන් ඉමු. තව අවුරුදු 5ක්. මොකද බණ්ඩාරනායක මහතා වරාය ජනසතු කරන වෙලාවේ එතන හිටපු කථිකයින් සේරම කිව්වේ ඒක මංගල මොහොතක් කියලා.. ඒත් එතුමා කිව්වේ මේක මංගල මොහොතක් වෙන්නේ කවදාක හරි ජනසතු කිරීම සාර්ථකයි කියලා දැනගත්ත දාට තමයි කියලා. ඒක නිසා කලබල වෙන්න එපා.. ඕවායින් ඉදිරිය ගැන සිහින මවන්න එපා. රුපියල් 40/- ට 50ට/- තිබ්බ හාල් කිලෝ එක යහපාලනයෙන් රුපියල් 80/-ට නැග්ගා. දැන් ඒක 98/- ට නැගලා. දුප්පතුන් නැති ලෝකය තාම පොතේ විතරයි. ලංකාව තාම දුප්පතුන්ගෙන් ගහණයි...
අපි පුංචිකාලේ ඉදලම අහලා තිබුනා මේ රටට පහළවෙන දියසේන කුමාරයෙක් ගැන. මමනම් හිතන්නේ ඒ වෙන කවුරුවත් නෙවෙයි ඔබතුමා තමයි අපේ රටේ වාසනාවට පහල වුනු දියසෙන් කුමරා ජනාධිපතිතුමනි. මේ රටේ මහා සංඝරත්නය ඇතුළු විශාල පිරිසක් ඔබතුමා ගැන ලොකු විශ්වාසයක් තබලා තියනවා. එම විශ්වාසය කවදාවත් කඩ කරන්න එපා. මොකද අපේ රට ජාතිය ආගම රැකගන්නනම් ඔබතුමා තව බොහෝ කාලයක් මේ රටේ නායකයා වෙලා ඉන්න ඕන.
මේක හොඳ පෙර නිමිතක් වේවා අපේ රටට. රට හරි මගට පැමිණේවා.
හමුදාපති උදේ හමුදා මුලස්ථානයට එනවිට උත්තමාචාරය දෙන්න ඕන. ඒ වගේම රෙජෙමේන්තු අණදෙන නිලධාරීන්ට උදේ කදවුරට එන විට උත්තමාචාරය දෙන්න ඕන. ඇයි සේනාධිනායකයා පාර්ලිමේන්තු පැමිණීමේදී අවුරුදු පහකට වරක් පවත්වන උත්තමාචාර පෙරෙට්ටුව, උත්සවය ඔහු විසින් නවත්වන්න නියෝග කරන්නේ? ජනතාව මේ වගේ දේවල් ඉල්ලලත් නැහැ. බලාපොරොත්තු උනෙත් නැහැ.
මෛත්‍රීපාල සිරිසේන වර්ගයේ වැඩක් මේකත්. ඉස්සෙල්ලම ප්‍රචාරය කරනවා මෙහෙම දේවල් එක්ක උත්සවය තියෙනවා කියලා. පත්තරවලත් ඒක යනවා. ඊට පස්සේ කියනවා ජනාධිපතිවරයා ඒක නැවැත්තුවා කියලා. මම හිතන්නේ මේ මාසය අවසානයේ ජනාධිපතිවරයා මේ මේ වැඩ කළැයි කියලා ජනාධිපති ලේකම් කාර්යාලය නිකුත් කරන නිවේදනයට මේකත් එකතු කරයි. එහෙම නිවේදන නිකුත් කිරීම පටන් ගත්තෙත් මෛත්‍රිපාල සිරිසේන. පහුගිය දවස්වල කාක්කන් අල්ලන්න රටේ ජනාධිපති ගිය එක ගැන ලොකු ප්‍රචාරයක් දීලා තිබුණා. ජනාධිපතිතුමා ඒ වැඩේට මොනතරම් කැප වෙන්න හිතුවද කිව්වොත් කාක් කූඩුවේ නැවතිලාම එතනට වහන්න එන කාක්කන් අල්ලනවා කියලා පොරොන්දුවකුත් දීලා තිබුණා. මිලියන 22ක ජනතාවක් ඉන්න, දහසකුත් එකක් ප්‍රශ්න වලින් බැට කන රටක ජනාධිපතිවරයා පැසුණු බුද්ධියකින් යුතු, බාල ජනප්‍රියත්වය පස්සේ නොදුවන, රටේ ප්‍රශ්න නියමාකාරයෙන් හඳුනා ගත්තු පුද්ගලයෙක් වෙන්න ඕනේ. එහෙම බවක් නම් පේන්නේ නැහැ...
හමුදා උත්තමාචාර ඇතිවෙන්න තියලා දැන් නවත්වනවා.
මේක තමයි ඇමරිකන් සිස්ටම් එක. මහජන මුදල් වැය කරන බොරු සෝබන නෑ. වැඩ පමණි. හොදද ? නරකද ?
වෙනස සැපද...?
ජනපති කොහොමත් සද්ද නැතිව වැඩකරන පුද්ගලයෙක්. මේ වෙනකොට රටේ ජනාධිපති කෙනෙක් ඉන්නවද නැතිද තරමට සද්දයක් නැත . නමුත් ඔහුගේ තීන්දු තීරණ ක්‍රියාවට නැගෙනවා. අවුරුදු 5ක් හරියට කරන්න දුන්නොත් රට සෑහෙන තත්වෙට එයි. පාර්ලිමේන්තුවත් වෙනස් කලයුතුමයි ....
අලුත් සැසිවාරයක් කීවට මේකේ ඉන්නේ සේරම පරණ මඩගොඩවල් තමා. අඩුගානේ කතානායක හරි අලුත් නම් අපිට හිතාගන්ට පුළුවන් මේක අලුත් පාර්ලිමන්ට් එකක් කියලා.