
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
එදා ජනාධිපතිතුමාට තිබූ රෙඩිකල් බව ජුලි චෑන්ක් යනකොට අරගෙන ගියාද දන්නේ නැතැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා (ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
'ඉරානය සම්පූර්ණයෙන්ම විනාශ කරන්නත් මැද පෙරදිග තම ආධිපත්‍ය තහවුරු කරගන්නත් ට්‍රම්ප් පරිපාලනය සහ ඊශ්‍රායලයේ පරිපාලනය එකතු වී කටයුතු කරමින් සිටිනවා. මැද පෙරදිගම යුද කලාපයක් බවට පත්කර තිබෙනවා.
ඒ නිසා අද මුළු ලෝකයම භීතියට පත් වී තිබෙනවා.රටක් ලෙස අපටත් එය බලපානවා.අප රටේ ලක්ෂ දහයකට අධික පිරිසක් මැද පෙරදිග රැකියා කරනවා.එමෙන්ම තෙල් සම්පත මෙන්ම ගෑස් පිළිබඳ ගැටලු මතු වී තිබෙනවා.ඒ වගේම අපේ විදේශ ප්‍රතිපත්තිය ගැන ලෝකයේ බලා සිටිනවා.ඉරානයට පහරදීම වැරදි යැයි ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඇවිත් ප්‍රකාශ කරනු ඇතැයි අප සිතුවා.නමුත් කණගාටුයි.
ජනාධිපතිතුමා ඒ ගැන කතා කළේ නෑ.එදා ජනාධිපතිතුමාට තිබුණු රැඩිකල් බව අද කෝ.ඒ රැඩිකල් බව ජුලී චෑන්ග් අරගෙන ගියාද දන්නේ නෑ යනුවෙන් ද රහුමාන් මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමුන්නැහැ දේශපාලන ජීවිත කාලෙ කළ හොඳම කතාව.
මෙයත් ඉස්සර රැඩිකල් කොලුවෙක් තමා. ;)
බොරුවට ලකුණු දාගන්න වාචාලය වෙන්න එපා. අපේ ජනාධිපතිතුමා කිව්වත් නැතත් ඇමරිකාව කරන අසාදාරන මිලේච්ච ප්‍රහාර කරනවා. අනික අපේ ජනාධිපතුමාව විවේචන කරන්න කලින්, පුළුවන් නම්, අද ඇමරිකානුවන්ට කඳවුරු, භූමිය සහ ගුවන් කලාප භාවිතා කරන්න අවසර සහ පහසුකම් දීපු, එම කලාපයේ අරාබි රටවල් නායකයන්ව විවේචන කරන්න හෝ ඔවුන්ට කියන්න. ඔවුන් එහම අවසර දුන්න නිසා තමයි, අද මෙම ඉරණම වෙලා තියන්නේ. කටාර් රාජ්‍ය ඉස්රාලයට ගෑස් සපයන්නේ, තුරුක්කිය ආහාර සපයන්නේ, එක්සත් අරාබි රාජ්‍ය රාජතාන්ත්‍රික සම්බන්දතා පවත්වනවා. මෙවෙ ඔයාට පෙන්න නැද්ද?