(රංජන් කස්තුරි)
යහපාලන ආණ්ඩු සමයේදී රාජ්‍ය නිලධාරීන්ට සිදුව ඇති දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාව මගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන්ද සොයා බැලීය යුතු බවට ජනාධිපති ලේකම්වරයා නියම කර තිබේ.
මීට ඉහත එම පරීක්ෂණ කොමිසම පත් කිරීමේදී රාජ්‍ය නිලධාරීන්ට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව , ශ්‍රී ලංකා පොලිසිය , මූල්‍ය අපරාධ කොට්ඨාසය , පොලිස් විශේෂ විමර්ශන ඒකකය යන ආයතන හරහා අගතියක් වුයේ දැයි සොයා බැලීමට නියම කර තිබිණි.
එහෙත් ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් රාජ්‍ය නිලධාරීන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින්ද යම් අගතියක් සිදුව ඇත්දැයි සොයා බලන ලෙස එම කොමිසම නියමකර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොමිසන්, කමිටු පත්කරනවා ඇරෙන්ඩ වෙන වෙඩක් නැහැ වගේ.
ඔව්, ඔව් අපි ඒවා පත්කර කර විවේචනය කර කර ඉමු. එතකොට මිනිස්සුන්ට කන්න ලැබෙයි. හාල් ඉබේ පහලවෙයි. එළවලු මිල අඩුවෙයි. ඉන්දියාවෙන් අඩුවට ලුණු එවයි. ජාත්‍යන්තර ණය ගෙවෙයි. රට දියුණු වෙයි. දිව්‍යලෝකේ ලංකාවේම පහල වෙයි. අනේ කාලේ වනේ වාසේ කිව්වලු. රටට ගිය කලක්.