(අංජුල මහික වීරරත්න)
රට සති දෙකකට වසන ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලා සිටිද්දී රට විවෘතව තබා ගනිමින් ජනතාව කොවිඩ් මාරයාට බිලි දීමේ පූර්ණ වගකීම ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවත්, කොවිඩ් කාර්ය සාධක බලකායත් භාරගත යුතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.
වැරදි අඩුපාඩු පෙන්වා දෙන්නේ ජනතාවගේ ජීවිත බේරා ගැනීම සඳහා මිස මළමිනී මතින් බලයට එන්නට නොවන බව කී විජයවර්ධන මහතා හඳ පෙන්නූ විට ඇඟිල්ල දෙස බලා උත්තර නොදී රටේ ජනතාව රැක ගැනීම වෙනුවෙන් දැන්වත් බුද්ධිමත්ව සිතා කටයුතු කරන්නැයි රජයෙන් ඉල්ලා සිටින බවද සඳහන් කළේය.
සූම් තාක්ෂණය ඔස්සේ පැවැති එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන වැඩසටහනකට එක්වෙමින් නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මේ බව සදහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබලා ඔක්කොම වග කිව යුතුයි
එතකොට අර පල්ලි ඇතුලේ 300 ක් මරුන එකට ඔහෙලා වග කීම බාර ගන්නවාද?