(බිඟුන් මේනක ගමගේ)
ජාතිකත්වය මත පදනම් වූ දේශපාලන පක්ෂ ලංකාවට අවශ්‍ය නැතැයි එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා අද(19) පැවසීය.
ලංකාවට ගැලපෙන්නේ ද්විපාක්ෂික හෝ ත්‍රෛපාක්ෂික පක්ෂ ක්‍රමය යැයි ද රටේ සියලු බෙදුම්වාදවලට ජාතිකත්ව මත පදනම් වූ දේශපාලන පක්ෂ ක්‍රමය බලපා ඇතැයි ද මරික්කාර් මහතා චෝදනා කළේය.
එක්සත් ජාතික පක්ෂය යනු අතීතයේ පටන්ම සිංහල දෙමළ මුස්ලිම් සියල්ලන්ටම එක සේ සෙවණ දුන් පක්ෂයක් යැයි කී හෙතෙම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතීතයේ පැවැතියේ එම පදනමින් යැයි කීවේය.
කෙසේ වෙතත් ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයේ නියෝජනයක් මේ රටට අවශ්‍ය යැයි තමා විශ්වාස කරන්නේ යැයි ද පාර්ලිමේන්තුවේ සිට ප්‍රාදේශීය සභාව දක්වා ඔවුන්ගේ නියෝජනයක් අවශ්‍ය යැයි ද මන්ත්‍රීවරයා කීවේය.
මැතිවරණයකදී දිස්ත්‍රික්කයක මහජන නියෝජිතයන් තෝරාපත්කර ගැනීමේදී ලබාගත යුතු අවම ඡන්ද සීමාව 5% සීමාව ඉහළ දැමීම සඳහා විජයදාස රාජපක්ෂ මහතා කළ යෝජනාව යථාර්ථවාදී නොවන එකක් යැයි ද ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්ෂවල නියෝජනය උදුරාගන්නා කවර සංශෝධනයකට වුවද තමා විරුද්ධ වන්නේ යැයි ද මරික්කාර් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තාක් මෙතුමා කරපු එකම හරවත් සහ වැදගත් දේශපාලන ප්‍රකාශය මෙය විතරයි.
ජයා... ඔබ දන්නවද ගංවතුර වෙලාවේ.., පිසින ලද ආහාර වර්ග බෙදුවේ මුස්ලිම්ද කියන එක බලලා...
සම්පූර්ණ ඇත්ත.. අපි මුල ඉඳන්ම කියන්නේ ඔය ටිකයි. ද්‍රවිඩ, මුස්ලිම්, හෙළ යන නම් තියාගෙන ජාතිවාදය මදිවට, ආගම්වාදයද කරපින්නාගෙන දේශපාලනය කරන නරුමයින්ගේ පක්ෂ හා පෙරමුණු තහනම් කිරීම අතිශයින්ම කාලෝචිතයි.
මරික්කාර්ට ජාතිකත්වය මතක් උනේ ජතිවාදෙට කෙල වුණාට පස්සේ නේද? මාවනැල්ලේ බුදුපිළිම කඩනකොට, අප්‍රේල් 21 සිංහලයින්ට කෙලින කොට ඕවා මතක් වුණාද? මරික්කාර්, සිංහල ඡන්දවලින් පාර්ලිමේන්තු ගිය නුඹට තවත් නම් පාර්ලිමේන්තු යන්න හම්බ වෙන්නේ නැහැ. ගම්මිරිස් ටිකක්වත් විකුණගෙන ඉන්න බලන්න.
මරික්කාර්ට ජාතිවාදේ මතක් වෙලා තියෙන්නේ මොකෝ දන්නේ නැහැ.. එයාට කියන්නකෝ ගිහින් අර ගහක් බදාගෙන ඉන්න හකීම්ලාට කියන්න කියලා කියන දෙයක්.. මොකද අපි නෙමෙයිනේ ජාතිවාදී නම්වලින් පක්ෂ හදාගෙන ඉන්නේ..