(නිමල කොඩිතුවක්කු)
ශ්‍රී ලංකාවේ 72 වැනි ජාතික නිදහස් දින සැමරුම් උළෙලේදී ජාතික ගීය දෙමල භාෂාවෙන් ගායනා නොකිරීමෙන් ශ්‍රී ලාංකික අනන්‍යතාවය බෙදාගැනීමට දෙමළ ජනතාවට තිබූ අවස්ථාව අහිමි වී ගිය බවත් ඒ පිළිබඳ තමන් කණගාටු වන බවත් දෙමළ ප්රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා ලංකාදිපයට පැවසීය.
‘‘නමෝ නමෝ තායේ‘‘ යනුවෙන් දෙමළ භාෂාවෙන් ගායනා කරන්නේත් ශ්‍රී ලංකා මාතාව ගැනම බැවින් දෙමළ ජනතාවට එම අවස්ථාව ලබාදීම රජයේ වගකීමක් සහ යුතුකමක් බවද මනෝ ගනේෂන් මහතා සඳහන් කළේය.
ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීමට රජය අවස්ථාවක් නොදීම බෙදුම්වාදය ශක්තිමත් කිරීමක් බවට තමන්ට පෙනී යන බවද ඔහු කියා සිටියේය.
දෙමළ ජනතාව මෙලෙස වෙන් කිරීමෙන් වෙනම රටක් වෙනම ජාතියක් යන ප්රභාකරන්ගේ සංකල්පය තහවුරු කිරීමක් වන බවත් ඔහු සඳහන් කළේය.
72 වැනි ජාතික නිදහස් දින සැමරුම් උළෙලේදී ජාතික ගීය දෙමල භාෂාවෙන් ගායනා කිරීට අවස්ථාව ලබා දෙන ලෙසට තමන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබූ බවත් මනෝ ගනේෂන් මහතා වැඩිදුරටත් පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් තව ටිකක් ශක්තිමත් වෙලා එන්නකෝ බලන්න.
04 වෙනිදා වව්නියාවේ පැවැත්වුණු නිදහස් දින උත්සවයේදී ජාතික ගීය සිංහලෙන් සහ දෙමලෙන් ගායනා කළ බව පළකර තියෙනවා.
තමන්ගේ සන්ධානයෙන් පන්සලක කළ ආගමික කටයුත්තේදී දෙමල ළමයි සිංහලෙන් නේද ගායනා කලේ? ඒවා ඒ ළමයින්ට හොඳ නම් මොකද තමන්ට එ්ක ප්‍රශ්නයක් වුනේ? ඔය ගොල්ලන් වගේ අය තමයි අපේ රටේ මහජනයා බේදභින්න කරන්නේ... එමනිසා කට වහගෙන ඉන්න හොඳ දෙයක් කියන්න නැත්නම්...
ඉන්දියාවේ ජාතික ගීය භාෂා කීයකින් ගායනා කරනවද මහත්තයෝ? සහජීවනයෙන් කටයුතු කරන මිනිස්සු භේද කරන්නේ ඔහේලා වගේ අවස්ථාවාදී දේශපාලකයෝයි..
තේ වතු වලට වැඩට අාවා නම් වතුවල වැඩකරන්න. ලොක්කා රටක ජාතික ගීයක්, රටට නීතියක් හදන්න අපේ රටේ බුද්ධිමත් අය ඉන්නවා.
උගත් බෞද්ධයින් ඔබතුමාගේ කතාව සාවධානව අසා යහපත් පිළිතුරක් දෙයි...
ගනේෂන් මහත්තයෝ, තමුන්නාන්සේලා හිතන් ඉන්න ඒවා ඔක්කොම කරන්න පුළුවන් තමිල්නාඩුවට ගියා නම්, තමුන්නාන්සේලා හිතන්න එපා මේක ඉන්දියාවේ තමිල්නාඩුව කියලා. ඔබලාට සිංහල නොතේරුණාට රටේ ඉන්න බහුතර ජනතාවට ඕක ප්‍රශ්නයක් නෙමෙයි. රටේ ඉන්න දෙමළ ජනතාවට ඕවට වඩා ගොඩක් ප්‍රශ්න තියෙනවා. තමුන්නාන්සේලා බලයට තියෙන කෑදරකමට ඕවා ප්‍රශ්න කරගත්තට, රටේ දෙමළ ජනතාවට එදා වේල කන්න විදිහක් නැතිව ඉන්නේ. ලැජ්ජයි මහත්තයෝ කියන්න තමුන්නාන්සේලා දෙමළ ජාතිය වෙනුවෙන් පෙනී හිටින ජනතා නියොජිතයින්ද කියලා...
එක රටක එක ජාතියක් හැටියට තාම මොවුන්ට හිතන්න බෑ. ඉල්ලන්නේම බෙදන්න. කෑලි කඩන්න. ඉල්ලගෙන කෑවා නේද එකෙක්...?
2015 වෙනකම් ජාතික ගීය ගායනා කලේ සිංහලෙන්... වහල් ආණ්ඩුව දෙමළෙනුත් ගායනා කලේ ඡන්ද පොරොන්දුවක් ඉෂ්ඨ කරන්න. ඊට පස්සේ වෙනම කොඩියකුත් ඉල්ලුවා. ඒක හරි ගියේ නැහැ. සිංහලෙන් තියෙන ජාතික ගීය දෙමළාට පරිවර්තනය කරලා දෙමළෙන් ගායනා කිරීමෙන් තමයි බෙදුම්වාදය පිළිගත්තා වෙන්නේ... එතකොට තමයි දෙමළ ජනතාව වෙනස් කොටසක් කියලා පෙන්නුම් කරන්නේ... මුළු රටේම තියෙන්න ඕනේ එක රටක් එක ජාතියක් එක කොඩියක් කියන අදහස. මේකට කැමති නැති ජාතිවාදී, වර්ගවාදී දෙමළ දේශපාලකයන් බෙදුම්වාදය කර පින්නාගෙන යනකොට සාමාන්‍ය දෙමළ ජනතාව කිසි ප්‍රශ්නයක් නැතුව ජාතික ගීය සිංහලෙන් ගායනා කරලා සිංහලයන් එක්ක හොඳින් ජීවත් වෙනවා.
ජාතිවාදී දෙමළ දේශපාලකයින්ට එදා ඉඳන් තිබ්බ ප්‍රශ්නේ සිංහල භාෂාව... ආගම්වාදී මුස්ලිම් දේශපාලකයින්ට එදා ඉඳන් තිබ්බ ප්‍රශ්නේ බුද්ධාගම. හැබැයි පුදුම වැඩේ කියන්නේ මේ දෙගොල්ලන්ටම තමන්ගේ ජාතිකයන් ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීම සහ ඉංග්‍රීසි ආගම ඇදහීම ගැන කිසි ප්‍රශ්නයක් නැහැ..
රටක ජාතියකට අනන්‍යවූ ප්‍රධාන රාජ්‍ය භාෂාවක් තිබෙනවා. ඒ රටේ ප්‍රධාන ජාතියට, ආගමට හා සංස්කෘතියට ගරු කරමින් රටේ ජීවත් වීමට රටේ වෙසෙන සියලුම පුරවැසියන් හුරු පුරුදු විය යුතුයි. මේ රටේ බහුතරයක්වූ සිංහල බෞද්ධයින්ට රටේ වෙනම නීතියක් නොමැති බව හොඳින්ම දන්නා ලංකාවේ වෙසෙන සුළු ජාතීන් ඔවුන්ගේ ජාතීන්ට හා ආගම් වලට අදාළව නීති ක්‍රියාත්මක කිරීමම හාස්‍යට හා දඬුවම් දියයුතු බරපතල කරුණක්. රටේ නීතියට අමතරව නොහොබිනා නීතියක් ක්‍රියාත්මක වෙනවා නම් එය වහා නවතා දැමීමට රජය කඩිනම් පියවර ගත යුතුයි. ලංකාවේ වෙසෙන කිසියම් පුද්ගලයෙකුට මේ රටේ සිංහල ජාතික ගීයට ගරු කළ නොහැකි නම් ඔවුන්ගේ භාෂාවෙන් ඔවුන් කැමති වෙනත් රටකට ගොස් ඔවුන්ට අවශ්‍ය ජාතික හෝ විජාතික ගීයක් ගැයීමට නිදහස ඇත. ඡන්ද ගොඩට තිබෙන පෙරේතකමට, මහා ජාතිය හෑල්ලුවට ලක් කළ පාලකයින්ගේ නින්දිත බව නිසා මේ අය අපේ හිස මත පහරන්නටද මේ සැරසෙන්නේ? "ඉන්නව නම් ඉන්න අප හා එකට, නැත්නම් මෙතනින් යන්න ්අහකට"
ජාතික ගීය ද්‍රවිඩ භාෂාවෙන් ගායනා නොකලාට රටක් බෙදන්න ඕනේ නැහැ. එක්සත් රාජධානියේ සහ වෙසෙන ද්‍රවිඩ ජාතිකයන් ඒ රටවල ජාතික ගීය ගයන්නේ ඉංග්‍රීසියෙන්... ඇමෙරිකාවේ ස්පාඤ්ඤ භාෂාව බහුලව භාවිතා කළාට ජාතික ගීය ගයන්නේ ඉංග්‍රීසියෙන්...
දෙමල ජනගහනය මිලියන 66 ක් ඉන්න තමිල්නාඩුවේ ජාතික ගීය ගයන්නේ හින්දියෙන් මිලියන දෙකක් නැති ශ්‍රී ලංකාවේ ජාතික ගිය දෙමලෙන් ?
මේ කිසි දෙයක් සාමාන්‍ය දෙමළ ජනතාවගේ ඉල්ලීම් නෙවෙයි. සාමාන්‍ය අහිංසක දෙමළ මිනිස්සුන්ට ජාතික ගීය දෙමළෙන් කියන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ.මේ දෙමළ දේශපාලඥයෝ බොරුවට නැති ජාති බේදයක් අවුලලා දේශපාලන වාසි ගන්න හදනවා. අහිංසක දෙම ජනතාවගේ චන්ද ටික බිලී බාගන්න ඕන නිසා මේ යක්කු ඒ මිනිස්සුන්ගේ හිත්වල විෂ බීජ පතුරවලා ඒ මිනිස්සු වෙනුවෙන් පෙනී ඉන්නවා කියලා බොරු රගපෑමක් කරනවා. සාමාන්‍ය අහිංසක දෙමළ මිනිස්සුන්ට ඕන කරන්නේ මේ රටෙන් කොටසක් නෙවෙයි. නිදහසේ රැකියාවක් කරගෙන ජීවත්වෙලා ඉන්නයි. සහෝදර දෙමළ ජනතාවනි, බොරු ජාතිවාදය අවුළුවන කිසිම දේශපාලකයකුට ඔබලාගේ වටිනා ඡන්දය දෙන්න එපා. ඔබලා සමග සිංහල අපේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔබලාට විපතක් වුනු හැම වෙලාවකම පිහිටට ආවේ මේ රටේ රණවිරුවෝ කියන එක ඔබලා අමතක කරන්න එපා. අපි හැම කෙනෙක්ම මේ රටේ ජීවත්වෙන මිනිස්සු. ඉතින් මේ රටේ නීති රීති හැම එකක්ම අපි දෙගොල්ලන්ටම එක හා සමානයි. අපි කවදාවත් ඔයාලාව පහත් කරලා සලකන්නේ නැහැ.
මම ඉන්නෙ ඇමරිකාවෙ ජාතීන් විවිධයි නමුත් ජාතික ගීය ගයන්නෙ ඉන්ග්‍රිසියෙන්. මනෝ ගනෙශන් යනු තමාගේ පවැත්මට ජාතිවාදයට උල්පන්දම් දී කොළොඹ ඡන්දවලින් ගොඩ ඒමට වලිකන අවස්ථාවාදී තවත් පුද්ගලයෙකි.
මේ ද්‍රෝහී දේශපාලුවන්ට රටක් ගැන හිතීමට පුළුවන්කමක් නැහැ. මේ වගේ අයව පිටු දැකිය යුතුය.
මට තවම තේරුම් ගන්න අපහසුයි ඇයි මේ තරම් භාෂාව මුල් කරගෙන ප්‍රශ්න ඇති කර ගන්නේ කියලා. භාෂාව අදහස් හුවමාරු කරගන්න මාධ්‍යක් විතරයි. එය මිනිසුන් අතර බෙදීම් කර ගන්න යොදා ගැනීම හරිම අවාසනාවක්. ඕනෑම භාෂාවක් භාවිතය මුලික මනුෂ්‍ය අයිතිවාසිකමක්. තමන් ඉපදුන ප්‍රදේශය අනුව අපි විවිධ භාෂා භාවිත කරනවා. එහි කිසිම වැරැද්දක් නැත. ජාතික ගීය දෙමල ඉංග්‍රීසි ආදී කුමන භාෂාවෙන් ගැයුවත් එහි ඇති වැරැද්ද කුමක්ද?
ඇයි අරාබි භාෂාවෙන්, ලන්දේසි භාෂාවෙන්, මැලේ භාෂාවෙන් ගායනා නොකළේ මොකද කියලා අහන්නේ නැද්ද? ඒ භාෂා පාවිච්චි කරන අයත් ඉන්නවනේ. මේ දේශපාලුවෝ ජීවත් වෙන්නෙම ජනතාව භේදකරලා. එක පැවැත්ම රැකගන්න කරන දෙයක්.
ඉන්දියාවේ ප්‍රාන්තෙන් ප්‍රාන්තෙට භාෂාව වෙනස් වුනත්, ඉන්දියාවේ ජාතික ගීය සියලුම ඉන්දීය රටවැසියෝ ගයන්නේ හින්දි භාෂාවෙන් පමණයි. ඒ කියලා ඉන්දියාවේ බෙදුම්වාදයක් ශක්තිමත් වෙලා නැහැනේ.
මේවගේ අය තමයි රට ගිනි අවුලවන්නේ
සංහිඳියා ඇමතිකමක් අරගෙන රටේ කවදාවත් නොතිබුණ ජාතීන් අතර බැඳීමක් ඇතිකළේ ඔබයි.
උතුර නැගෙන හිරින් දකුණේ සිංහල පකෂවලට ඡන්ද නොදී ජාතිවාදය බෙදුම්වාදය ශක්තිමත් කලේ නුඹලා. ලෝකේ කිසිම රට ජාතික ගීය භාෂා දෙකකින් ගායන කොරන්නේ නැත.
දෙමල භාෂාව උතුරු - නැගෙනහිරට සිමාවන ප්රදේශික භාෂාවක් බවට කරන්න. රටේ හැමතැනම භාෂා තුනක් රාජ්‍ය භාෂා ලෙස පවත්වාගෙන යාම වියදම් අතින් අධික වන අතර ප්‍රයෝගික වන්නේ ද නැත. බෙදුම්වාදය දිගටම පැවතීමට මුලික හේතුවක් වන්නේ දෙමල භාෂාවෙන් අධ්‍යාපනය ලබා දීම. ලංකාවට එක රාජ්‍ය භාෂාවක් හොඳටම ප්‍රමාණවත්
කවුරුහරි තේරුම් කරලා දෙන්න කෙනෙක් ඉන්නවා නම් ලංකාවේ ප්‍රදාන භාෂාව සිංහල නිසා තමයි සිංහලෙන් කියන්නේ. එහෙනම් ඉන්දියාවේත් භාෂා කීයකින් කියන්න වෙනවද?
ලෝකයේ වැඩිම දෙමල ජනගහනයක් තිබෙන රට ඉන්දියාව. පුලුවන්නම් ඉන්දියානු ජාතික ගීතය තමිල්නාඩුවේ දී දෙමල භාෂාවෙන් ගායනා කර පෙන්වන්න.
එතකොට ජාතික ගීය දෙමලෙන් කියා ගන්න එක කර ගන්නද අවුරුදු 30ක් රට කාලා යුද්ද කලේ ? පුළුවන් නම් තමිල්නාඩුවේ දී ඉන්දීය ජාතික ගීය දෙමලෙන් කියලා පෙන්වන්නකෝ. හැම එකටම කේලම් කියා කියා ගිහින් හේත්තු වෙන්නේ තමිල්නාඩුවේ මහා ඇමතිලට නේ .. එගොල්ලොවත් නොකරන වැඩේ නේ මේගොල්ලෝ මේ ලොකුවට වටේ අරන් යන්නේ.
මාළුවට ජීවත්වීමට වතුර වගේ මෙයලටත් ජෙප්පන්ටත් මොනවම හරි රටේ ප්‍රශ්නයක් ඕන. භාෂා සිය ගණනක් තියෙන ඉන්දියාවේත් හින්දියෙන් පමණි ජාතික ගීය ගයන්නේ.
පහුගිය අවුරුදු වල ජාතිවාදය බුරුල් වෙලාද තිබුනේ ? අනේ යන්න මනෝ යන්න.
රටක ජාතික ගීය එක භාෂාවකින් තිබිය යුතුයි.
මිනිස්සු කට තයන පලියට ඔහේ කියවනවා ඒවා තමන්ගේ කරගෙන ජාතිවාදී අදහස් ප්රකාශකරලා ජාතිවාදය වැඩි කරන්න එපා තමන්ගේ ජාතියට මේ මොකදවෙන්නේ කියලා ඒවාට රජයට බල කරන්න නීති රීති හරියට ක්‍රියාත්මක කරන්න කියලා.
කෙනෙක් කියනවා ඉන්දියාවේත් හින්දියෙන් ලු ජාතික ගීය ගයන්නේ.
රටක අනාගතේ රැඳිලා තියෙන්නේ ඒ රටේ මිනිස්සු කොයි තරම් තෘප්තිමත්ද සතුටින්ද ඉන්නේ කියන එක අනුව, සුළු ජාතිකයන්ට මේ රටේ සතුටින් ඉන්න පුලුවන්ද? මේ රටේ සතුටින් ඉන්න පුළුවන් සිංහල කතා කරන සිංහල අයගේ යටතේ දෙවන පෙල පුරවැසියෙක් විදිහට ඉන්න කැමතිනම් විතරයි. දශක තුනක් නිෂ්ඵල යුද්ධයක් කලේ මිනී මරන්න තියෙන ආසාවට කියල හිතන් ඉන්න බුද්ධි හීනයොත් ඉන්නවා, මනුස්සයෙක් කොන් කරන්න කොන් කරන්න උන් සමාජය ගැන වයිරයක් ඇති කරගන්නවා මිස ආදරයක් ගෞරවයක් ඇතිකරගන්නේ නැහැ, තත්වය ගැන හිතන්නේ නැතිව යමෙක්ට ගෞරවයක් කරන්න පුළුවන් මිනිහෙක්ට තමයි ඒ වගේ ආදරයක් ගෞරවයක් පෙරලා ලැබෙන්නේ, අනිත් මිනිස්සුන්ගෙත් අයිතිවාසිකම් පිළිගන්න ආදරයෙන් ඔවුන්ට මේ රටේ ජීවත් වෙන්න ඕන කියල හිතනවා නම් එතනයි සාමයක් තියෙන්නේ. ඔබලාට මේ රටේ අයිතියක් නැහැ කියන දරුණු මිනිස්සු ඉන්නවා නම් ඒ මිනිස්සු කොහේ කියලා යන්නද?
අනේ නිකන් යන්න. පුලුවන්නම් ඉන්දියාවේ කියලා පෙන්නන්නකෝ......
ජාතික ගීය දෙමලෙන් කියපු කාලේ තිබුන අපුරු සංහිදියාව අපි දැක්කා පහුගිය අවුරුදු පහේ.
බංගලි භාෂාවෙන් ගයන ඉන්දීය ජාතික ගිය ඉන්දියාවේ අනෙක් උතුරු ඉන්දීය - ආර්ය භාෂා (හින්දි, ගුජරාති, මරාටි ආදී ) කතා කරන ජනතාවටත් ලෙහෙසියෙන්ම තේරුම් යන ආකාරයටයි ලියලා තියෙන්නේ. එහෙත් ඉන්දීය ජාතික ගිය දෙමල කතා කරන එතරම් තේරුම් ගැනීමට නොහැකි හේතුව අතීතයේ දී දෙමල භාෂාවෙන් සංස්කෘත භාෂාවේ (තත්සම) වචන ඉවත් කර ඇති නිසා. එයට හේතුව දෙමල ජනයා ගේ ජාතිවාදී බව.