ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය පූර්ණ සහයෝගය පළ කරමින් චීන ජනාධිපති ෂී ජින්පින්ග් මහතාට මේ සතියේදී ලිපියක් යවනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඊට අමතරව විශේෂයෙන්ම වූහාන් නගරයට ආධාර යැවීමේ හැකියාව සම්බන්ධයෙන් සලකා බලනු ඇතැයි ද එම ආරංචි මාර්ග කියයි.
කොරෝනා වයිරසය ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වීම වැළැක්වීම සහ ආරක්ෂිත පියවර ගැනීම මෙන්ම අදාළ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා ස්ථාපිත කර තිබෙන විශේෂ කාර්ය සාධක බලකාය අඛණ්ඩව ජනාධිපතිවරයා දැනුවත් කරන බවත් චීනයට ආධාර යැවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා එම බලකායේ සාමාජිකයන් සමඟ සාකච්ඡා පවත්වනු ඇති බවත් වාර්තා වේ.
චීනය ශ්‍රී ලංකාවෙන් නිල වශයෙන් ආධාර ඉල්ලා හෝ ඒ සම්බන්ධයෙන් හෝ ඉල්ලීමක් කර නොමැති නමුත් චීනයට ආධාර කිරීම සඳහා ජනාධිපතිවරයාගේ අවධානය යොමු වී තිබේ. විශේෂයෙන්ම ඇමෙරිකා එක්සත් ජනපදය, උතුරු කොරියාව, ජපානය සහ පාකිස්තානය ආදී රටවල් ස්වේච්ඡාවෙන්ම චීනයට වෛද්‍ය පහසුකම්, උපකරණ, මුඛ ආවරණ ආදිය සපයමින් සහයෝගය දැක්වීම ඊට හේතු වී තිබේ.
කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම නැවැත්වීමට ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීමටත් චීනය දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක කරයි.
චීනයට වෛද්‍යවරුන් කණ්ඩායමක් යැවීමට පාකිස්තානය දැනටමත් තීරණය කර ඇති අතර උතුරු කොරියාව ද චීනයට උපකාර කිරීමට ඉදිරිපත් ව සිටී. උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් කනගාටුව සහ සහයෝගය පළ කරමින් චීන ජනාධිපතිවරයාට ලිපියක් ද යවා ඇත.
ඇමෙරිකාව ද එරට රෝග පාලන නිවාරණ මධ්‍යස්ථානවල කණ්ඩායමක් චීනයට යැවීමට තීරණය කර ඇති අතර ජපානය දැනටමත් චීනයට මුඛ ආවරණ යවා ඇත.
යුනිෆෙස් සංවිධානය ද පසුගිය සතියේදී චීනයට මුඛ ආවරණ, ආරක්ෂිත ඇඳුම් පැළඳුම් කට්ටල ආදී වෛද්‍ය උපකරණ හා පහසුකම් චීනයට යැවීය.
ජමිලා හුසේන් (ඬේලිමිරර්)
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුළුවන් හැම උපකාරයක්ම ලබාදිය යුතුයි.
කොහෙන්ද අපි හිනාවෙන්න ඕනෑ ?
එ්ක හොඳ දෙයක්... ලංකාවේ සමාගමක් ලේටෙක්ස් අත්වැසුම් හදනවා. මේවා චීනයට අත්‍යවශ්‍යයි මේ වෙලාවේ...
ජනාධිපතිතුමනි, මොනවා යවන්නද? දැන් පෙනෙනවා නේද අපි මුඛවාඩමක්වත් හදාගන්න බැරි එකත් රටින් ගෙන්නන මහා නොදියුණු රටක් බව. නිදහසෙන් පස්සේ හිටපු දේශපාලකයන් රටෙන් හැදුණා මිසක් රට හැදුවේ නැහැ. ඔබ ගැන අපේ බලාපොරොත්තුවක් තිබෙන නමුත් වටේ ඉන්න හොරු ඔබේ අවම දුර්වල අවස්ථාවකදී ඔබව දේශපාලනයෙන්ම එළවන බවට මගේ දැඩි විශ්වාසයක් තිබෙනවා...
මෙහෙ ඉන්න චීන අයට නොසලකා නොහරින්නයි ඉල්ලීමක් කරා නම් ඇති... අනිත් අය කළාට බැරි වැඩ නොකර. ඔක්කොම බදු චීනෙන් ගෙනත් මොන දේද යවන්නේ?
අමුතුවෙන් ආධාර ඕන නැහැ.. අපේ ණයවාරික කලට වෙලාවට ගෙවලා දමන්නකෝ... ඒක තමයි අපිට කරන ලොකුම උපකාරය...
චීනුන් අසරණ බල්ලන්, බළලුන් කෑමට දෙවියන් වහන්සේගේ අප්‍රසාදය මින් මනාව පැහැදිලි වේ. පණතියෙන හැම දෙයක්ම කෑම චීනුන්ගේ පුරුද්දක්. අසුචි කන චීනුන් ඕනෑතරම් චීනයේ සිටී.
ඔබතුමාගේ මේ වෑයමට සවියක් වෙන්න මම ඕනෑම වෙලාවක සූදානම්...
අපි GMOA එකේ කට්ටිය එහාට අරිමු.
කටයි, නහයයි රෙදි කෑල්ලකින් ගැටගහලා පාදෙනියව යවන්න ලෙඩ්ඩුන්ට බෙහෙත් කරන්න...
චම්පා කියන කෙනාට කියන්නේ සිංහලෙන්.., කිසිකෙනෙක් ඔය ගෝඨාභය මහතා වටේ ඉන්න අය නිසා නොවේ ඔහුට ඡන්දය දුන්නේ... එතුමා තනියම ඉල්ලුවත් දිනනවා. ඔහු ගැන මිනිසුන්ට තිබ්බ බලාපොරොත්තුව නිසා ඔහුටයි ඡන්දෙ ලැබුණේ... ඔය වටේ ඉන්න අය ගසක එතුණු පිළිල වගේ ඔහුගේ සෙවනේ ඉඳන් ඔහුව නැතිකරන්න හදන්නේ... වැරදි මත හදන්න එපා...
පාදෙණිය කියන්නේ ජාතික චින්තනයක් සහිත විනයක් ඇති තම විශේෂඥ සේවය උපරිමයෙන් රෝගීන්ට ලබා දෙන වෛද්‍යවරයෙක්. ප්‍රථමයෙන් ඔහු ගැන සොයා බලා ඔහු කුමන ආකාරයේ කෙනෙක් දැයි හදුනා ගන්න.
මතක් කරලා ආධාර යවද්දි කරූ මහත්තයත් ඒ සමග යවන්න. එතුමාට සත්කාර කරන්න බැරුව දුකෙන් ඉන්නේ.