(සුජිත් හේවාජූලිගේ)
චීනය ප්‍රදානය කර ඇති සිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ හය රැගත් විශේෂ ගුවන් යානය දිවයිනට හෙට (31) පැමිණීමට නියමිතව ඇතැයි කොරෝනා මර්දන එන්නත් ගෙන්වීම පිළිබඳ ජනාධිපති කමිටුවේ ප්‍රධානී ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතා පවසයි.
මේ සිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ හය ප්‍රදානය කර ඇත්තේ ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතා චීන ජනාධිපති ෂී ජින් පින් මහතාගෙන් පෞද්ගලිකව කර ඇති ඉල්ලීමකට අනුවය.
ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ පෞද්ගලික කරන ලද ඉල්ලීමක් අනුව ඉන්දීය රජය ද කෝවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ පහක් ශ්‍රී ලංකාවට මෙයට පෙර පරිත්‍යාග කළේය.
මේ අතර ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් ඇණවුම් කර ඇති ඔක්ෆ්ර්ඩ් ඇස්ට්‍රාෙසනිකා කොවිෂීල්ඩ් එන්නත් තොගය ද අප්‍රේල් මාසයේදී මෙරටට ලැබෙනු ඇතැයි ද ලලිත් වීරතුංග මහතා ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd