(ටී.කේ.ජී.කපිල)
චීන විදේශ අමාත්‍ය වෑන් යී මහතා ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක් සඳහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.
ඒ මහතා සමග දූත පිරිස වශයෙන් 16 දෙනෙක් ද පැමිණ සිටියහ .
මෙම පිරිස චීනයට අයත් විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ.
ඔවුන් පිළිගැනීම සඳහා අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා, ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ තානාපතිවරයා ඇතුළු උසස් නිලධාරීහු පිරිසක් ද ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි විමල් සද්ද නැත්තේ? අද වනවිට චීන, රුසියානු විදේශ ඇමතිවරුන් සහ ඇමරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරියක් ඇතුළු ලෝකේ ප්‍රබලයෝ තිදෙනක් රටතුල. පහුගිය ආණ්ඩු කාලය මෙහම සේරම එකට අවොත්, විමල් කියාවි ඔන්න ඩොලර් කාක්කලා, බටහිර කුමන්ත්රනවාදීන්, අධි රාජ්‍යවාදීන් අපේ රට ආක්‍රමණ කරනවා කියලා.
අතපසු වුනු ණය වාරිකේ ගැන මතක් කරන්න ආවද?