
(මනෝප‍්‍රිය ගුණසේකර)
ජීවානුහරණය කළ කාබනික පොහොර එවීමට වු එකඟතාවය අනුව කටයුතු නොකරමින් ක්ෂුද්‍ර ජීවීන් අඩංගු කාබනික පොහොර එවු බව කියන ‘චින්ඩා ඕ’ චීන සමාගමට එරෙහිව කොළඹ කොමර්ෂල් පොහොර සමාගම හා ලංකා පොහොර සමාගම පැවරූ නඩු දෙක සමථයකට පත් කරගැනීමට අවසර දුන් කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප‍්‍රදීප් හෙට්ටිආරච්චි මහතා ‘චින්ඩා ඕ’ චීන සමාගමේ දේශිය නියෝජිතයාට ණයවර ලිපි මඟින් මුදල් ගෙවීම වළක්මින් මහජන බැංකුවට හා දේශිය නැව් සමාගමට එරෙහිව නිකුත් කළ වාරණ නියෝගය විසුරුවා හැරීමටද විනිසුරුවරයා අද නියම කළේය.
මෙම නඩු දෙක සමථයකට පත් කර එම නඩු ඉල්ලා අස්කර ගැනීමටද අවසර දෙන්නැයි මෝෂමක් මාර්ගයෙන් දෙපාර්ශවයේ නීතීඥවරු ඉදිරිපත් කළ කරුණු සළකා බැලූ විනිසුරුවරයා එලෙස නියම කළේය.
ප‍්‍රමිතියෙන් යුත් පොහොර ලබාදීමටද එසේ නොවුනහොත් ‘චින්ඩා ඕ’ චීන සමාගම තැන්පත් කර ඇති තැන්පත් මුදල් රාජ සන්තක කිරීමටද දෙපාර්ශවය එකඟ වු අතර ප‍්‍රමිතියෙන් යුත් පොහොර ලබාදීම වෙනුවෙන් ‘චින්ඩා ඕ’ චීන සමාගමට ඇමරිකන් ඩොලර් මිලියන 6.7ක මුදලක් ගෙවීමටද එම එකඟතාවයේ වැඩිදුරටත් සඟහන් කොට ඇත.
කාබනික පොහොර තොගයේ ක්ෂුද්‍ර ජීවීන් අඩංගු විය හැකි බවට ‘චින්දා ඕ’ සමාගම පිලිගෙන ඇති හෙයින් ණයවර ලිපි මගින් ගෙවීම් කටයුතු කිරීම තහනම් කරන්නැයි ඉල්ලා කොළඹ කොමර්ෂල් පොහොර සමාගම හා ලංකා පොහොර සමාගම ඉදිරිපත් කළ පෙත්සම් මෝෂමක් මාර්ගයෙන් යළි කැඳවු අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව විනිසුරුවරයා එලෙස නියම කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනම රටකින්වත් මේ රටට කාබනික පොහොර ගෙන්වන්න එපා. මොනයම් හෝ අතපසුවීමක් උනොත් මහ විනාශයක් වෙන්න පුළුවන්..
පොඩිකාලේ කියවපු පොතක් අවසානයේ මෙසේ තිබුනා මතකයි, ''ඉක්බිතිව සියල්ලෝම සංතෝසෙන් විසිර ගියහ''
ඒ කියන්නේ බිලියන 1.5ක් දුන්න නිසා දැන් අලුත් අවුරුද්දේ දෙයියනේ කියලා අසූචි කන්න ඕන අපි. එහෙමද?
ක්ෂුද්‍ර ජීවී සංඝටක කාබනික පොහොර කුමන කොටසක අඩංගුවී තිබිය හැකි දැයි තීරණය කළ නොහැකි නිසා නියැදි පරීක්ෂාවකින් තීරණ ගැනීම භයානකයි. එනිසා එවැනි කාබනික පොහොර ආනයනය කරන්නේ නම් සම්පූර්ණ තොගයම ජීවානුහරණය කර ලබාගැනීමට වගබලාගතයුතුයි.
ආයෙත් අර අසූචි ගොඩ ගේන්න යනවා වගෙයි පේන්නේ
විය හැකි සරලම එකගතාව ලංකා රජය - අපි ඔයාලට වැඩිපුරත් එක්කම ගෙවන්නම්, මාධ්‍යට කියන්න එපා දෙගොල්ලොම එකතුවෙලා මහජනයාටවැඩේ දෙමු.
මේ පොහොර අර්බුදය නිර්මාණය කරපු අයටනම්...
රටටම ආදර්ශයක් තැබුවා හරිම ලස්සනයි නේද චමල් රාජපක්ෂ මහතාගේ පවුලේ සාමාජිකයන් ඉතා සතුටින් ඉන්න පුළුවන් වෙයි ජය මංගලම් ජනතාව මුලාකරන මේ අය පන්නා දැමිය යුතු කාලය ඇවිත් දැන්.