(රංජන් කස්තුරි)
චීන සංචාරකයින්ට ශ්රී ලංකාවට පැමිණිමේ දී වීසා ලබාගැනීම ආදී කටයුතු කර දීම සඳහා චීනයේ ෂැංහයි පිහිටි සීමා සහිත ට්රැවල්සන් ඉන්ටර්නැෂනල් ට්රැවල් සර්විස් සමාගමේ සේවය ලබාගැනීමට රජය අවසර දී තිබේ.
චීන සංචාරකයින් වැඩි පිරිසක් ශ්රී ලංකාවට පැමිණෙන අතර ඔවුන්ට විද්යුත් ගමන් අවසර ලබා දීමේ ක්රමවේදය දැනට ඉංග්රසි භාෂාවෙන් පමණක් ක්රියාත්මක කරන හෙයින් ඔවුන්ට අපහසුතාවලට මුහුණ පෑමට සිදුව ඇති හෙයින් එම ක්රියාමාර්ගය ගැනීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇත.
ඒ අනුව චීන සංචාරකයින්ට ශ්රී ලංකාවට පැමිණිමේ දී වීසා ලබාගැනීම සඳහා ඔවුන්ට සහාය වීම පිණිස එම පෞද්ගලික නියෝජිතායතනයක් වන එම ආයතනයට අවසරය හිමිවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වීසාවලට අමතරව අර වෛරසය ගැනත් සලකා බැලුවොත් හොඳයි..
වීසා නැතුවම එන්න දුන්නා නම් ඉවරයිනේ... කොමිස් එක කීයද දන්නේ නැහැ.
කොරෝනා වෛරස් එක ලංකාවට ආනයනය කිරීමේ අයිතියත් මේ සමාගමටම ලබාදුන්නා නම් තවත් හොඳයි.
අපිට නොමිලේම කොරෝනා වෛරස් ගන්න පුළුවන්...
මේ යන විදියට තව ටිකකලකින් චීන්නුන්ට වීසා නැතුව මෙහෙ එන්න පුළුවන් වෙන බවකුයි පෙනෙන්න තිබෙන්නේ...
කොන්ද පණ නැති දේශපාලුවන් ඕනෑම ජරාවැඩක් කරනවා. රහස් හංගන්න. දවසක මේ ආයතනය හරහාම චීන ජාතිකයින්ට අවුරුදු 10 වීසා නිකුත් කළොත් මම පුදුම වෙන්නේ නැහැ. රට කරන්න පුළුවන් කෙනෙකුට නොදී මේ "දෙගොල්ලම" රට කමින් සිටියි.
මෝඩ රජයක් මේක.... දවසට ගුවන්යානා 4 ක් චීනෙට යනවා. මොලේ තිබ්බානම් යානා 3ක් අඩු කරලා මිනිස්සු එනඑක අඩු කරගන්න බලන්න. අපි පුංචි රටක් අපිට ඔය වෛරසය ආවොතින්. අපිට වෙන හානිය සුනාමියටත් වඩා බරපතල වේවි... මේ අයට කවදා බුද්ධිය පහළ වේවිද? වීසා දෙන එක නවත්තන්න ඕන කාලෙක මේ අය වීසා දෙන එක තවත් ලේසි කරනවා. අපේ රටට සියලු දෙයියංගේම පිහිටයි.
මහින්දගේ රජයෙන් සැමට නොමිලේ කොරෝනා. ජනාධිපතිතුමනි, ඇයි මේවා ගැන හොයලා බලන්නේ නැත්තේ? ඔබ හරි පාරේ යනවා. අරයා රට කනවා යහපාලනය වගේම...
අන්තිම මුග්ධ තීරණයක්...!
මෝඩ කතා ගොඩයි. සිංගප්පූරුවලත්, චීන, ඉන්දියන්, වියට්නාම්, අනිත් වීසා දෙන්නේ වෙන ආයතනවලින් තමයි.