(ඩයනා උදයංගනී)
මෙරටට පැමිණෙන චීන ජාතිකයින් ශ්‍රී ලංකා රජය මැදිහත් වී නිරෝධායනය නොකරන්නේ චීන රජයේ මැදිහත්වීමෙන් ඔවුන් මෙරටදී දින 14 ක් නිරෝධායනය කෙරෙන නිසා යැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.
මේ වන විට ශ්‍රී ලංකාවට චීනයෙන් පැමිණෙන්නේ මෙහි රැකියා සඳහා පැමිණෙන්නන් පමණක් බව කී විශේෂඥ වෛද්‍යවරයා ඔවුන්ව එලෙස චීන රජයේ මැදිහත්වීමෙන් මෙරටදී දින 14ක් නිරෝධායනය කෙරෙන අතර මෙරට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් මගින්ද ඔවුන් සම්බන්ධයෙන් පසුවිපරම් කෙරෙන බව සඳහන් කළේය.
චීනයේ සිට පැමිණෙන්නන් නිරෝධායනය නොකරන්නේ ඇයිද යන්න ගැන සමාජයේ කතිකාවතක් මතුවී ඇතැයි කී සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා මේ වන විට චීනයේ කොරෝනා පැතිර යන ප්රාන්තයන්හි සිට කිසිම පුද්ගලයෙක් විදේශයන්ට නොයන බව ද සඳහන් කළේය.
මේ වන විට චීනය රෝගය පාලනය කරගනිමින් තිබෙන අතර එහි රෝගය පවතින හුබෙයි ප්‍රාන්තය ඇතුළු ප්‍රදේශයන්හි ජනතාවට තවමත් ඉන් පිටවීම තහනම් කර තිබෙන බවද අනිල් ජාසිංහ මහතා කීවේය.
විදෙස් රටවල සිට පැමිණි 4,794 දෙනෙක් සම්බන්ධයෙන් මේ වන විට සෞඛ්‍ය අංශ පසුවිපරම් කරන බව කී අනිල් ජාසිංහ මහතා ඉන් 3,035 දෙනෙක් ශ්‍රී ලාංකිකයින් වන අතර 1,153 දෙනෙක් චීන ජාතිකයින් බව ද පැවසීය.
ඔහු මේ බව පැවසුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (13) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නේ ඒගොල්ලෝ යන්නේ චීනයට අයිති ප්‍රදේශයකට කියන එකද මහත්තයෝ? නැත්නම් කොහොමද අපේ රට ඇතුලේ චීන රජයේ මැදිහත් වීමෙන් නිරෝධායන වැඩ කරන්නේ? ඔය අතරේ සංචාරකයින් එහෙම ඇත්තේම නැද්ද? ඔය පටන් ගත්තා විතරයි.
මේ වගේ කට්ටිය තමයි චීනයේ ගුවන්තොටුපළේ ඉන්නේ. තමන්ගේ කට්ටියට කිසිම පරීක්ෂාවක් නැහැ. මේවගේ අය නිසා මුළු රටම වසංගතයට බිලිවෙනවා.
ඔය කියන නිරෝධායනය කරන්නේ මොන මධ්‍යස්ථානයකද? ඒක තියෙන්නේ කොහෙද ?
අයියෝ ඕක කියන්නද දැගලුවේ ?
ඔව් ඔව්. අපිට මහ පාරේදී එහෙම චීනෙක් අහුවුනොත් ළඟම තියෙන රෝහලට අල්ලාගෙන එනවා....මේ චීන්නු අපේ රටට විතරක් නොවෙයි මුළු ලෝකෙටම ප්‍රශ්නයක් වුනානේ.
අර හරියට ගහට නැග්ග එක්කෙනා මාට්ටු උනාම කියන දේ වගේනේ ....
චීනයේ හුබෙයි ප්‍රාන්තයෙන් පටන් ගත්තට මුළු චීනේටම මේක පැතිරිලා තියෙන්නේ කියලා දන්නේ නැද්ද? කෝටි 140ක් නිරෝධායනය කරන්න චීනේ මොන ජගතෙක්ට වුණත් හැකියාවක් නැහැ. අනික අපි නොදන්නා චීනේ... මහනගර ටික ලස්සනට තිබුණාට පිටිසර පළාත්වල තත්වය සෝමාලියාව සහ ඉතියෝපියාවටත් අන්තයි. මේ රැකියාවලට එන්නේ ඒ වගේ පළාත්වලින්... නමට කොමියුනිස්ට් වුණාට දැන් චීනේ තරම් ඇමරිකාවවත් ධනවාදී නැහැ. දුප්පතුන්ව සත පහකට ගණන් ගන්නේ නැහැ. සැලකීමත් ඒ වගේ තමයි. දැන් චීනෙට දුප්පතුන් බරක්... මෝඩ කතා කියලා ජනතාව රවටන්නේ නැතුව අපේ බලධාරින් මේ වෙලාවේ හරි තීරණ ගන්න ඕනෑ. ලංකාව කියන්නේ චීනයේ ප්‍රාන්තයක් නෙමෙයි.. චීනරජය මගින් ලංකාවේ ඉන්න චීන ජාතිකයින්ව නිරෝධායනය කරවාගන්න. විදේශ බලපෑම්වලට යටවෙන්නේ නැහැ කියා මේ යටවෙලා තියෙන්නේ පුදුම යටවීමක්නේ... තාම චීන ජාතිකයන් ලංකාවේ ඉන්නේ ලක්ෂ 5යි. මේක ලක්ෂ 15 ක් වුනොත් චීනේ ලංකාවේ පාලනයට මොනතරම් ඇඟිලි ගහයිද? ඡන්ද අයිතියත් හෙට අනිද්දාම දෙන්න වෙයි. යන විදියට හෙට අනිද්දාම කාන්තන්කුඩි වගේ චයිනා ටවුන් එකකුත් හැදෙයි..
එහෙම නිරෝධනය කරන්නේ කොහොමද? අතරමගදී ගුවන් යානයේදී කොරෝනා බෝවෙන්න පුළුවන් නේද?
චීනය මැදිහත්වීමෙන් කෙරෙන වැඩ ගැන අප කෙසේ සෑහීමකට පත්වෙමුද? මේ ලෙඩේ ගෙනාවේ චීන්නුන් බව සමහරුන්ට අමතක වෙලා වගෙයි පේන්නේ.
කෝ කෝ ජාතිවාදී කැක්කුම තියන අය ?
චීන කොළනියක් වෙලා වගේ. MCC ගිවිසුම වගේ...
එතකොට එයාලා එන්නේ නිරෝධායනය කරපු පුද්ගලික ගුවන් යානයකද? කාවද මේ රවට්ටන්න හදන්නේ? මේ වෙනකම් මහජනයා රැවැට්ටුවේ දේශපාලුවෝ. දැන් දොස්තරලත් පටන් ගත්තද? ලබන ආත්මයේ මනුස්සයෙක් වෙලා ඉපදෙන්න ඕනෑ නැද්ද?
චීනය කියන දෙයක් තමයි ඉතින්...
ඔය ඉතාලි හා කොරියන් කාරයින්ට වඩා චීන ජනතාව අපට වටිනවා. ඔවුන්ට අප හිස නමා ආචාර ගෞරව දැක්විය යුතුයි. බැරි වෙලාවත් චීනයේ හොඳ හිත පලුදු වුවහොත්, අපේ දේශපාලකයින්ගේ ආර්ථිකයට මොකද වෙන්නේ? චීනයටත් කොරෝනා බෝ කලේ ඉතාලියෙන් හා කොරියාවෙන් ගිය ලාංකිකයින් තමයි. 7500 කට හඬපු ඔවුන්ව එළවන්නමයි ඕනෑ.
මෙහෙමත් නිවට කමක්... ඔය තනතුර දාලා ගෙදර යන්න.
දේශපාලකයින්ට කඩේ ගියා නම්, රටටම වගකිව යුතුයි මහත්තයෝ...
බල්ලාගේ වැඩේ බූරුවාට කරන්න දෙන අඳබාලයින්නේ මේ. චීනයෙන් නිරෝධනය කළ චීන ජාතිකයින්ට අතරමඟදී වැළඳෙන්න බැරිද?. චීනේ කියන කියන පදේට ඔලුව වනන සිහිබුද්ධියක් නැත්තන් නිසා රටම අසරණයි...
4,794ක් ගැන පසු විපරම් කරන්න... මේ කව්රු රවටන්න කියන කතාද?
චීනය මුලින්ම මේ වසංගතය නවතන්න වැඩ කළා නම් අද මුළු ලෝකයම ප්‍රශ්නයක් නැතුව ඉන්නවා. මේ ලෙඩ නවත්වනවා වෙනුවට චීනය කලේ ලෙඩ ගැන සමාජ මාධ්‍යවල කියපු දොස්තරලා අත්අඩංගුවට ගත්ත එක. ඉතින් අපේ මේ දොස්තර මහත්මයත් චීනයට බයෙන් වෙන්න ඇති මෙහෙම කතාවක් කියන්නේ..
"මේ වනවිට ශ්‍රී ලංකාවට චීනයෙන් පැමිණෙන්නේ මෙහි රැකියා සඳහා පැමිණෙන්නන් පමණක් බව කී විශේෂඥ වෛද්‍යවරයා ඔවුන්ව එලෙස චීන රජයේ මැදිහත්වීමෙන් මෙරටදී දින 14ක් නිරෝධායනය කෙරෙන අතර මෙරට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් මගින්ද ඔවුන් සම්බන්ධයෙන් පසුවිපරම් කෙරෙන බව සඳහන් කළේය."රටක ජාතික ප්‍රශ්නයකදී වගකිවයුතු නිලධාරියෙක් මේවගේ ප්‍රකාශ කිරීම කණගාටුදායක තත්වයක්. එක එක රටවලට ඒ යට කැමති විදියට නිරෝධායන කටයුතු කරන්න ඉඩ දෙනවා නම් අපේ රටේ ඔබතුමා ඇතුළුව ජනතාවගේ මුදල් යොදවලා සෞඛ්‍ය අංශ පවත්වාගෙන යාම තේරුමක් නෑ කියලා. මේ කරන දේ නිසා වෙන්නේ ජනතාව අතර චීන ජාතිකයන් පිළිබඳ අවිශ්වාසයක් ගොඩනැගීම පමණි. "චීනයේ සිට පැමිණෙන්නන් නිරෝධායනය නොකරන්නේ ඇයිද යන්න ගැන සමාජයේ කතිකාවතක් මතුවී ඇතැයි කී සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා මේ වන විට චීනයේ කොරෝනා පැතිර යන ප්රාන්තයන්හි සිට කිසිම පුද්ගලයෙක් විදේශයන්ට නොයන බවද සඳහන් කළේය." දැනට චීනය තුළ රෝගය පැතිරයාම අඩුබව සඳහන් වෙනවා. ඒත් ඇත්ත තත්වය මීට වෙනස් වෙන්න පුළුවන්... ලංකාවට පැමිණි covid 19 වැළදුණු චීන කාන්තාවගෙන් කිසිම කෙනෙකුට රෝගය බෝ නොවීමත් හාස්‍යයට කරුණක්...
චීන ජාතීන් චීන රජය විසින් නිරෝධායනය කරන්නේ ලංකාවේ කිනම් ප්‍රදේශයේද? කිසිවෙක් එවැනි ප්‍රදේශයක් ගැන මෙතෙක් අසා නැත. ඔවුන් ගුවන් තොටුපලින් රැගෙන යාම සහ ඒ කරන අන්දම පැහැදිලි කරන්න.