(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ දඹුල්ල පිලට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ බාල පුත්, ජාතික රග්බි පිල නියෝජනය කළ රෝහිත රාජපක්‍ෂ ක්‍රීඩා කිරීමට සූදානමින් සිටියි.

රෝහිත රාජපක්‍ෂ, දඹුල්ල කණ්ඩායමේ ටීෂර්ට් අංක 7 යටතේ මේ වන විට පුහුණුවීම් ආරම්භ කර ඇති අතර ඔහු මීට සති තුනකට පමණ පෙර පළමු වරට අන්තර් සමාජ පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේදී කළුතර නාගරික ක්‍රීඩා සමාජය නියෝජන කන කරමින් තරගවලට සහභාගි විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් දෙවැනි එල්.පී.එල්. ක්‍රිකට් තරගාවලිය මේ මස 5 වැනිදා ආරම්භ වීමට නියමිතය.