( රංජිත් රාජපක්ෂ  )  

තලවකැලේ, ළිදුල, ග්‍රේට් වෙස්ටර්න් කදු මුදුනේදී   කාන්තාවකගේ ගෙල සිර කර ඝාතනය කර සිරුර කදු මුදුනේම දමා ගිය සැකකරු වසර 3කට පසු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

ලැබුණ තොරතුරකට අනුව සැකකරු අලුත්ගම ප්‍රදේශයේ සැගව සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ ඝාතනය කර තිබුණේ තංගල්ල කිරින්ද ප්‍රදේශයේ පදිංචිව සිටි ජුනයිඩ් ක්‍රිෂාණි නැමති 36 හැවිරිදි මුස්ලිම් ජාතික කාන්තාවකි.ඝාතනය වු කාන්තාවගේ වම් අතෙහි ‘මදුසංඛ‘ යනුවෙන් සටහන් කර තිබු පච්චයෙන් ඇයගේ සැමියා සිරුර හදුනා ගෙන තිබේ.

සැකකරු හා  කාන්තාව සමඟ අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති බවට අනාවරණය වි ඇතැයි කියයි.

සැකකරු විසින් මියගිය කාන්තාව ග්‍රේඩ් වෙස්ටන් කදුවැටිය නැරඹීමට විනෝද චාරිකාවක් යන මුවාවෙන් රැගෙන ගොස් , කදු මුදුණේදි  ජර්සියකින් ගෙල සිර කර ඝාතනය කර සිරුර කදු මුදුණේම තබා පලා ගිය බව, සැකකරුගෙන් ළිදුල පොලිසිය විසින් කරන ලද ප්‍රශ්ණ කිරිම් වලදී අණාවරණය වී ඇත.