(එම්.සුසිල් ප්රියන්ත)
මීටියාගොඩ ගලගොඩ මාර්ගයේ ඝාතනයක් සිදු කිරීමේ අරමුණින් රැදී සිටි හිටපු නාවික හමුදා සෙබළෙක් විදෙස් රටක නිෂ්පාදිත මිලි මීටර් නවයේ පිස්තෝලයක් ඉනේ ගසාගෙන සිටියදී ඊයේ(25) අත් අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.
සැකකරුගෙන් කරන ලද වැඩි දුර පශ්න කිරීමේදී සැකකරුගේ අම්බලන්ගොඩ කුලීගොඩ ,රොන්නදූව නිවසේ තිබී මිලි මීටර් නවයේ පිස්තෝලයට දැමිය හැකි ජීව උණ්ඩ දෙකක්,මැගසිනයක් සහ රුපියල් ලක්ෂ තුනක් පමණ වටිනා අයිස් මත් දවය තොගයක් සොයා ගත් බවද පොලීසිය කියයි.
මේ සැකකරුට මේ ගිනි අවිය ලබාදි ඇත්තේ දැනට යුද හමුදා සේවයේ යෙදී සිටින යුධ හමුදා සෙබළෙක් බවත් මේ වනවිට ඔහු සැකපිට ප්රශ්න කිරීම සඳහා අත් අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කළ බවද පොලීසිය කියයි.
සැකකරු ඉනේ ගසාගෙන සිටි මිලි මීටර් නවයේ වර්ගයේ පිස්තෝලය පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට ලබාගෙන පිස්තෝල වර්ගයටත් වඩා අති ස්වයංකීය ඔස්ටියාවේ නිෂ්පාදනය කෙරුණු එකක් බවද පොලීසිය කියයි.
්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙඩිතියන්න, පැහැරගන්න අපි විනය හදපු හැටි තමා.