(ටී. කේ. ජී. කපිල)
මැදපෙරදිග සේවය කරමින් සිටියදී, ඝාතනය කරන ලද තිදෙනකුගේ සිරුරු තුනක් ගුවන් මගින් කටුනායක ගුවන් තොටුපළ වෙත අද (7) රැගෙන විත් ඇති බව ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ ප්‍රකාශකයෙක් පැවසීය .
එහෙත් මෙම ප්‍රවෘත්තිය පළවීමත් සමගින් ලංකාදීපයට කතා කළ සෞදි අරාබියේ වැඩබලන ශ්‍රී ලංකා තානාපති මධූක වික්‍රමාරච්චි මහතා එම මළ සිරුරු සෞදි අරාබියෙන් එවා නැති බව තහවුරු කර සිටියේය.
වික්‍රමාරච්චි මහතා වැඩිදුරටත් කියා සිටියේ අද දින (7 වැනිදා) ශ්‍රී ලංකාවට පැමිණි ගුවන් යානයෙන් සෞදි අරාබියේ සිට ශ්‍රී ලංකාවට එවා ඇත්තේ මළ සිරුරු 4 ක් පමණක් බවත් එයින් එක් අයකු සියදිවි හානිකරගත් පුද්ගලයකුගේ බවත්ය.
මිය ගිය දියණිය ප්‍රේම සබදතාවක් පවත්වාගෙන ගිය කටාර් රාජ්‍යයේ සේවයේ නියුතු විවාහක පුද්ගලයකු සමඟ ඇති වූ ආරවුලක් මත මෙම ඝාතනය සිදුවී ඇතැයි වාර්තා වේ. පසුගිය මාර්තු මස 1 වැනිදා මෙම ඝාතනය සිදුව තිබී ඇති අතර කොරෝනා වයිරසය ව්‍යාප්තිය හේතුවෙන් සිරුරු දිවයිනට ගෙන ඒමට ප්‍රමාද වී තිබේ.
කෙසේ වෙතත් අද (7) සෞදි අරාබියේ රියාද් නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 266 දරන විශේෂ ගුවන් යානයෙන් මෙම මළ සිරුරු තුනත් සමග තවත් මළ සිරුරු 4 ක් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබූ අතර , ඒ අනුව එම ගුවන් යානයෙන් මළ සිරුරු 7 ක් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබූ බවත්, ඔවුන් අතුරින් සිව් දෙනකු වෙනත් හේතු මත මිය ගොස් සිටි අයගේ මළ සිරුරු බවත් ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ ප්‍රකාශකවරයා පැවසීය .
ගෙල කැපීමෙන් මිය ගිය තිදෙනා කැළණිය , බියගම පාරේ , පන්සල අසළ ප්‍රදේශයේ පදිංචිකරුවෝ පිරිසකි. එමෙන්ම ඔවුන් එකම පවුලේ සාමාජිකයන් තිදෙනකු බවට තොරතුරු ද වාර්තා වේ. මෙම තිදෙනා දරුණු අයුරින් කපා කොටා , පසුව ගෙළ සිද මරා දමා ඇති බව මෙම මළ සිරුරු සමග තිබූ ලිපි ලේඛන වලින් අනාවරණය වන බව පැවසේ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විඩිමත් පරීක්ශනයක් කර සෞදී රජයට ඉතා දැඩි ක්රියමර්ග ගතයුතුයි.
මැද පෙරදිගට කුලීකරුවන් යැවීමේ ආදීනව.
මේ අපේ රට විරුවෝ නේද.?
මේ ආකාරයට අමානුෂික වද දී කපා කොටා ගෙල සිඳ මරා දැමීමට මේ අය කළ වරදවල් කුමක්ද යන්න විදේශ කටයුතු අමාත්‍යාංශය වහා දැනගෙන රටට හෙළි කිරීම වැදගත්. ලිපි ලේඛන තිබීමෙන් පෙනී යන්නේ මෙය එම රටේ නීත්‍යානුකූල මැරීමට භාජනේ කිරීමක් බව නොවේද? කෙසේ වුවත්, මෙසේ මලමිනි එවීමට රටකට පුලුවන්ද?
සංහිඳියාව තියෙන රටක් වගේ...
කවුද මේවට වග කියන්නේ.
ඒ කියන්නේ මේ සිද්ධිය අපේ තානාපති කාර්යාලය දැනගෙන ඉදලත් නෙ.
මේ තානාපති කාර්යාලය සේවය කරන්නේ ලංකාවටද.?
මෙය වහාම පරීක්ෂණ කර රටට හෙළිකළ යුතුයි. එම්බසිවල ඉන්නේ අපේ රටේ මිනිස්සුන්ට උදව් කරන අය නොවේ.
අවුරුදු 10 කට පෙර මම සෞදි අරාබියේ සේවය කළෙමි. ඒ දවස්වල බොහෝ සෞදි ජනයාට සාමාන්‍ය බුද්ධියක් නැත. සෞදි යනු මා මෙතෙක් සිටි වඩාත්ම මෝඩරටයි.. කෙළින්ම ඔවුන් අසන්නේ “ඔබ මුස්ලිම් ද?” නමුත් ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් නිවාඩුවක් සඳහා රටින් පිටව ගොස් බීම, සමාජ ශාලාව ඇතුළු සෑම දෙයක්ම කරති. නිරාහාර කාලවලදී පවා බොහෝ සෞදි පුරුදු වී සිටියා... අපේ තැනට ඇවිත් කන්න බොන්න. කෙසේ හෝ මම නැවත කිසි දිනෙක සෞදි අරාබියට නොයමි.
එතකොට තානාපති කාර්යාලවලින් පරීක්ෂණයක් කරන්න නැතිවද එවලා තියෙන්නේ?