(රෝහණ සමරවීර)
රට තුළ කිසිම ගෑස් අර්බුධයක් ඇතිවන්නේ නැහැ. රටට අවශ්‍ය ගෑස් සැපයීමට අපට හැකියාව තිබෙනවා. ඒ සදහා අවශ්‍ය කරන මූල්‍ය ප්‍රතිපාදන අප සතුව පවතිනවා යැයි ලිට්ට්‍රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා පවසයි.
ඉදිරි මාසයට අවශ්‍ය කරන ගෑස් සංචිත ආනයනය කිරීමට අවශ්‍ය සියලු කටයුතු මේ වනවිට ගෙන අවසන්. මෙවැනි ප්‍රකාශ සිදු කරන්නේ ඉතා වගකීමෙන්. පසුගිය දින දහය තුළ පමණක් අපි ගෘහස්ත ගෑස් සිළින්ඩර් අනූ පන් දහසකට වඩා රටේ පාරිභොගිකයන්ට නිකුත් කර තිබෙනවා. එය අතිරික්තයක්. මොකද ලංකාවේ දෛනික ගෘහස්ත ගෑස් අවශ්‍යතාවය ගෑස් සිළින්ඩර් අනූ දහසත් අනූ පන්දහසත් අතර පවතිනවා.
මේ ගෑස් අර්බුදය ඇති වෙන්න පෙර දිනයේ අප සමාගම පමණක් ගෑස් සිළින්ඩර් අසූ දහසක් පාරිභොගිකයින්ට නිකුත් කරණු ලැබුවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කටට එන එන එක ඔහේ කියවන තවත් බහුබූතයෙක්.. මොකද කියන්නේ යවමු පාර්ලිමේන්තු...?
කියන්නේ නම් එහෙමයි. නමුත් ලාෆ් ගෑස් සොයාගැනීමට නැත. ඒවාට ලිට්රෝ ගෑස් නිකුත් කරන්නේද නැත. මේ මෝඩයා මොනවා දොඩවනවද මන්දා..?
එහෙනම් අනිවාර්යයෙන්ම ඊළඟ ප්රශ්නය ගෑස් තමයි.. සර් පට්ට ෆේල්...
කහ සිලින්ඩර් ගත්ත පාරිභෝගිකයන් අන්ත අසරණ වෙලා ඉන්නේ... අනික මට දැන් ආරංචියක් ලැබුණා පුත්තලම-කල්පිටිය පැත්තේ එක තැනකවත් නිල් සිලින්ඩර් හොයාගන්න නැහැ කියලා. මේ කියවන මහත්තයාට මේ ගැන අවධානය යොමුකරන්න කියනවාද, කවුරු හරි?
හිඟයක් ආවොත් මගේ ගෙදරට එන්න බඩු තියෙනවා... මීට බන්දුල මහ මුදලි...
ගෑස් හිඟ වුනොත් ගෙදරටම ඇවිත් ඔලුව " කනවා ". මේවගේ මෝඩයින්ව පත්කරන උන් ඔක්කොටම වඩා මෝඩයින්. අමුම අමු බයියෙක්.