
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ගෑස් සිලින්ඩර සම්බන්ධයෙන් වෙළෙඳ කටයුතු අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී විශේෂ තීන්දු ගණනාවකට එළඹුණු බව පාර්ලිමේන්තු සන්නිවේදන අංශය පවසයි.
මේ අනුව ගෑස් සිලින්ඩර ගඳ සුවඳ පරික්ෂා කිරීමෙන් පසුව වෙළෙඳපොළට අද (1) සිට නිකුත් කිරීමටද තීරණය කෙරිණ.
එසේම ගෑස් සිලින්ඩර මෙරටට රැගෙන ඒමට පෙර නැව්වලදීම ප්‍රමිතිය පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමටද මෙහිදී එකඟත්වයක් ඇති විය.
වෙළෙඳ කටයුතු අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (1) පෙරවරුවේ රැස් විය.
හදිසියේ සිදුවන ගෑස් ටැංකි පුපුරායෑම පිළිබඳ පාර්ශව කිහිපයක අදහස් ගැනීමට සහ ඊට විසදුම් විමසීමට මෙම උපදේශක කාරක සභාව රැස් වූයේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ උපදෙස් අනුවය.
පාරිභෝගික කටයුතු රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාද මෙම සාකච්ඡාවට සහභාගී විය.
පාර්ලිමේන්තුවේදී විපක්ෂය ඉදිරිපත් කළ ප්‍රශ්න කිහිපයක් පිළිබඳවද අදාල පාර්ශව සම්බන්ධ කරගෙන මෙහිදී දීර්ඝව සාකච්ඡා කෙරිණ.
ගෑස් සංයුතියේ වෙනස් කිරීම වත්මන් පුපුරායෑම් වලට බලපෑමක් කළේද යන්න ගැනද, උසස් ප්‍රමිතියෙන් යුතු උපාංග භාවිතයේ ඇති වැදගත්කමද, , ජනාධිපතිවරයා විසින් පත්කරන ලද කමිටුවේ වාර්තාව සති දෙකක් ඇතුළත ලබාගෙන එම නිර්දේශ ඉක්මනින් ක්‍රියාත්මක කිරීම පිළිබඳවද,යම් යම් එකඟතාවයන්ට මෙහිදී එළඹුණු බව වෙළෙඳ අමාත්‍යාංශය පවසයි.
පැමිණ සිටි සියලු පාර්ශව වලින් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ගෑස් පිපිරීම් සම්බන්ධයෙන් මෙහිදී අදහස් ලබා ගැනිණ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී ප්‍රශ්න කිහිපයක් මතු කරමින් ඒවාට හැකි ඉක්මනින් ලිඛිතව හෝ පිළිතුරු ලබා දෙන ලෙස ඉල්ලීමක් කළේය.
මෙම සාකච්ඡාවට වෙළෙඳ අමාත්‍යාංශය, සමූපකාර සේවා අලෙවි සංවර්ධන සහ පාරිභෝගික අමාත්‍යාංශය, තාක්ෂණ අමාත්‍යාංශය, නිපුනතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නිමයුම් රාජ්‍ය අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පොලීසිය, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය, මිණුම් ඒකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව, ලිට්රෝ ගෑස් සමාගම, ලාෆ්ස් ගෑස් සමාගම, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, අනුකූලතා තක්සේරු පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රතීතන ආයතනය, ලංකා ඛනිජ තෙල් සංස්ථාව, බලශක්ති අමාත්‍යාංශය, රස පරීක්ෂක දෙපාර්තමේන්තුව යන ආයතන වල නිලධාරීහුද ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය හිටපු මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ඩබ්ලිව්. ජයතිලක සහ මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ශාන්ත වල්පොලගේ සහ ඛනිජ තෙල් පිළිබඳ විශේෂඥ නිමල්ද සිල්වා යන මහත්වරුද සහභාගි වූහ.
මීට අමතරව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිළ, නිමල් සිරිපාලද සිල්වා, මහින්දානන්ද අලුත්ගමගේ යන ඇමැතිවරුන්ද රාජ්‍ය අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක්ද මෙයට සහභාගි වූ බව පාර්ලිමේන්තු සන්නිවේදන අංශය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙළෙඳ පලේ තිබෙන සියළු ගෑස් සිලින්ඩර් වහාම ක්‍රියාත්මක වන පරිදි ගෑස් සමාගම වෙත ආපසු ලබා ගැනීම තුළින් මහජනතාව පලමුවෙන් ආරක්ෂා කලයුතුය. නිසි පරිදි ප්‍රමිතියෙන් යුතු ගෑස් සිලින්ඩර් නැවත නිකුත් කලයුතුය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී ප්‍රශ්න කිහිපයක් මතු කරමින් ඒවාට හැකි ඉක්මනින් ලිඛිතව හෝ පිළිතුරු ලබාදෙන ලෙස ඉල්ලීමක් කළේය. ප්‍රශ්නයට විසඳුම ලිඛිතව හෝ පිළිතුරු ඉල්ලා සිටීම නොවේ. ලිඛිත පිළිතුරු මගින් සෑහීමකට පවතින විපක්ෂයක්...