
(යොහාන් භාසුර)
ගෑස් පිපිරීම්වලට හේතුව ගෑස් සංයුතියේ ප්‍රශ්නයක් නම් හානි වූ පුද්ගලයන්ට අනිවාර්යෙන්ම වන්දි ගෙවීමට කටයුතු කරන බව ගම්පහ දිසත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක මහතා අද (01) පැවසීය.
ගෑස් සමාගම්වල නියෝජිතයන් හමුවූ අවස්ථාවේදී ඒ පිළිබඳව පැහැදිළිවම සාකච්ඡා කළ බව කී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අදාල ගෑස් සමාගම්වල ප්‍රශ්නයක් නම් ඔවුන්ගෙන්ම ඒ පිළිබඳව දැනගන්න ලැබෙනු ඇතැයි ද සඳහන් කළේය.
බත්තරමුල්ල, නෙළුම් මාවත පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේදී අද (01) පැවැති මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා එසේ පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ හලෝ, ගෑස් සමාගම් වලින් මුදල් අරගෙන වන්දි ගෙවන්න හොඳේ... මහජන මුදල් පරම්පරාවෙන් උරුම වෙච්ච දේවල් නොවේනේ...
මේ රටේ පොඩි මිනිහාට හම්බෙන වන්දි ගැන අපි නොදන්නවැයි. අනික අර ජීවිත අහිමි වූවන්ට ඔය කොයි වන්දියෙනුත් තම ආදරණීයන්ගේ වටිනාකම ලබාගත නොහැකියි. ගෙදර ඉඩක් තියන සමහරු දැනටමත් පරණ කාලේ දැල්වූ ගිනි උඳුන භාවිතයට යොමුවී ගෑස් භාවිතය සම්පූර්ණයෙන් නවත්තලා. උගත් වුවත් මෝඩ, සංවේදී නොවන සහ වගකීම් රහිත ලොක්කෝ මේ රටේ අඩුවක් නැහැ. මේ තමයි අපේ නව සංස්කෘතිය සහ සමාජ ප්‍රවණතාවය...
පිපිරීම වළක්වන්න පියවර ගන්න එකයි අවශ්‍ය. මලාට පස්සේ අපායේ ඉඳන් වන්දි ගන්නද? පිස්සු පොහොට්ටුවෙක්...
වන්දි ගෙවන්නේ රජයද? කාගේ සල්ලි වලින්ද?