
(සුජිත් හේවාජුලිගේ )
ගෑස් සිලින්ඩර පුපුරා යාමේ සිද්ධීන් සම්බන්ධයෙන් කරුණු සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මොරටුව විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ශාන්ත වල්පොල මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු අට පුද්ගල කමිටුවක් අද (30) පත් කරනු ලැබීය.
මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස පත් කරනු ලැබ සිටින්නේ මොරටුව විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අජිත් ද සිල්වා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඩබ් ඩී ජයතිලක, මහාචාර්ය ප්‍රදීප් ජයවීර ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ කොමසාරිස් මහාචාර්ය නාරායන් සිරිමුතු ,කාර්මික තාක්ෂණ ආයතනයේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සුදර්ශන සෝමසිරි , ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂ සුජීව මහගම සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරු වෙති.
සියලු පාර්ශවයන්හි අදහස්, දැනට කර ඇති අධ්‍යයන හා විවිධ අදහස් විමර්ශන කර මේ සම්බන්ධයෙන් සති දෙකක් ඇතුළත වාර්තාවක් තමාට ඉදිරිපත් කරන ලෙසද ජනාධිපතිවරයා කමිටුවට උපදෙස්දී ඇත.
මෙම විද්වත් කමිටුව පත් කරනු ලැබ ඇත්තේ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මෑතක සිට වාර්තා වන ගෘහස්ථ, වෙළෙඳ හා විකුණුම් මධ්‍යස්ථානවල ගෑස් සිලින්ඩර ආශ්‍රිත ගිනි ගැනීම්, පුපුරා යෑම් පිළිබඳ හේතු සාධක සොයා බලා ඒ පිළිබඳව කඩිනම්න් ලබාදිය හැකි විසඳුම් ඉදිරිපත් කිරීම සඳහා යැයි ජනාධිපති කාර්යාලය පවසයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයාගේ කොමිටිත් එයා වගේම තමයි , මිනිස්සු සතේකට ගනන් ගන්නෙ නැ
දේශබන්දු ඉන්නවා නම් අනිත් අය ගැනත්, වාර්තාවේ තිබෙන්නේ කුමක්ද කියාත් දැන්මම හිතා ගන්න පුළුවනි. ඔබගේ නම ගොබ්බසේන විදිහට ඉතිහාසයේ ලියැවේවි.
දේශ බන්දුවා හොද එකා ඔය වගෙ වැඩවලට. බලන්නකො අර අත්බෝම්බ හොයාගන්න සැකකරුවෝ එක්ක යන්නෙ ඔය මිනිහනේ.
සමහරවිට ලිට්රෝ එකේ මෑතකදී සිදුවුණු ගෑස් කොන්තරාත්තුව අවසන් කිරීම වෙන්නත් පුළුවන්.. මේ ගැන පරීක්ෂණයක් හැකි ඉක්මණින් කරලා සුදුසු පියවරක් ගන්න ඕනේ... දැනටමත් පරක්කු වැඩියි...
දේශබන්ධු ඇයි මේකට? මහාචාර්යවරු හරියට වැඩ කරනවාද බලන්නද? ආයුධ හොයන්න ගෙනියයිද?
සති දෙකක් යනකොට ගිණිගැනීම් හා මරණ සිදුවෙන්නත් පුළුවන්. කම්ටු වාර්තාව කිව්වාම මතක් වුනේ ලොහාන් රත්වත්තේගේ හිරගෙදර ජරමරේ වාර්තාව... හොඳම දේ මේ ප්‍රමිතියෙන් තොර ගෑස් භාවිතයෙන් ඉවත්කර ගැනීමයි. බොරුවට කල්මරන් නැතුව...
වැරදුන පසුව හේතු සහ පිළිතුරු සෙවීම හැර සැලසුම් සහගත පෙර දැක්මක් වත්මන් පාලකයන්ට නොමැතිවීමත් ,දේසපාලන බලය රැකගැනීමට ප්‍රමුඛතාවය දී කටයුතු කිරීමත් මේ සියලු ගැටළුවලට හේතුභූතවන බව ප්‍රඥාවන්තයන් හට වැටහෙති .
ජනතා බදු මුදල් නාස්ති නොකිරීමට කාරුණික වන්න. අප සියලු දෙනා දැක ඇති පරිදි, මෙම කමිටු වාර්තා මුදල් වියදම් කිරීම පමණයි.
කමිටු නම් පත්කරනවා. ඒ වුණාට ඇති වැඩක් නැහැ. පහුගිය කාලේ පුරාවටම අපි දැක්කනේ. පිස්සු නැත්නම් හොඳා?