(ඉන්දිකා රාමනායක)
කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොලේ පිටවීමේ පර්යන්ත තහනම් කලාපයේ ගුවන් මගීන්ට හිරිහැර වන සේ නීතිවිරෝධීව රැඳී සිටි තරව්කරුවන් 9 දෙනෙකු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය කියයි.
මෙම තරැව්කරුවන් පිටවීමේ පර්යන්තයේ රැඳී සිටිමින් දෙස් විදෙස් ගුවන් මගීන්ට හිරිහැරවන ලෙස හැසිරෙන බවත් මේ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි මත ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙසට විශේෂ කාර්ය බළකා මුලස්ථානයට ලැබුණු තොරතුරක් මත බුද්ධි අංශ භට කණ්ඩායම් සිදුකළ හදිසි වැටලීමක දී මෙම පිරිස් අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය පවසයි.
මෙම සැකකරුවන් වයස අවුරුදු 68 -30 අතර වයසේ පසුවන්නන් බවත් ඔවුන් ආඬිඅම්බලම, ගාල්ල, මිනුවන්ගොඩ, මීගමුව, හතරලියැද්ද, වාරියපොල, වලස්මුල්ල, මිනුවන්ගොඩ, සීදුව යන ප‍්‍රදේශ වල පදිංචිකරුවෝ වෙති.
මෙම පිරිස කිසිදු අවසරයකින් තොරව මෙම ස්ථානයේ රැඳී සිටිමින් විවිධ තරැව්කටයුතු සිදුකරන බවත්, ඇතැම් අවස්තාවන් වල ගුවන් මගීන් දේපළ සොරා ගැනීම් සිදුකරන බවට පැමිණිලි ලැබී ඇත.
භට පිරිස් මෙම ස්ථානය වටලන අවස්ථාවේ ඉහත ස්ථානයේ රැඳී සිටියේ මෙම සැකකරුවන් පමණක් බවත් සෙසු දිනවල තවත් පිරිස් සංවිධානාත්මකව මෙම ස්ථානයේ රැඳී සිටින බවද විශේෂ කාර්ය බළකාය පවසයි.
විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම් ආර් ලතීෆ් මහතාගේ අධීක්ෂණ යටතේ, බුද්ධි අංශයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක නදීක සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් ගිය භට කණ්ඩායමක් විසින් සැකකරුවන් අත්ඩංගුවට ගත්හ.
සැකකරුවන් වැඩිදුර පරීක්ෂණ සදහා කටුනායක පොලිසියට බාර දී ඇති අතර කටුනායක පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය ඉතාම හොඳ දෙයකි.
අපොයි අපොයි.......පිටිපස්සේ ඉන්න දේශපාලුවන් ටික අල්ලන්නේ නැතිව කොහොමද ඔය වැඩේ නතර කරන්නේ? බොහොම උජාරුවට කයිය දාගෙන ඉන්නා දේශපාලුවන්ගේ හෙන්චයියලා වැඩේ පිටපස්සේ කියලත් ආරංචියි. ඔතන වෙන හැම අකටයුත්තකටම ඒ ගොල්ලෝ සම්බන්ධයි කියලා තමා ආරංචිය තියෙන්නේ.
මේක නම් ඉතාමත් හොඳ දෙයක්.
මීගමුව පැත්තේ ඉන්න නමගිය දේශපාලුවෙකුගේ සහචරයොත් ඔතන ඉන්නවාය කියන්නේ.........සමහරවිට ඒ අයනම් ඉක්මනට නිදහස් වෙයි වගේ?
බොහොම හොඳ දෙයක්... "මොන දේශපාලුවගේ කවුරු" වුණත් අදාළ නැත. මගීන්ට හිරිහැරවන ලෙස හැසිරෙන එම මුරුගයන් එළවා දැමීම කළයුතුමයි. පුදුම කරදරයක් ඔතන තියෙන්නේ.