රොමේෂ් මධුෂංඛ
කොවීඩ් -19 වයිරසයේ අවදානම හේතුවෙන් නිරෝධායනය සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට රැගෙන එන ලද සාමාන්‍ය වැසියෝ 180 දෙනෙක් අද (15) දින වන්නි ගුවන් හමුදා කඳවුරේදී සාර්ථකව නිරෝධායනය අවසන් කිරීමෙන් පසුව නිවෙස් වෙතට පිටත් වූහ.
ගුවන් හමුදාපති එයාර් මාෂල් සුමන්ගල ඩයස් මහතාගේ උපදෙස් හා අධීක්ෂණය යටතේ වන්නි ගුවන් හමුදා කඳවුරේ කඳවුරු අණදෙන නිලධාරී එයාකොමදෝරු ඩී.සී.අයි.වීරසූරිය මහතාගේ නායකත්වයෙන් වන්නි ගුවන් හමුදාව විසින් ආරම්භ කල අතර දින 16 ක් පුරාවට එම පිරිස් නිරෝධායනයට ලක් කිරීමෙන් පසුව අද (15) දින මෙසේ සිය නිවෙස් වෙතට රැගෙන යාමට වන්නි ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන් පියවර ගත්හ.
අනුරාධාපුර , කුරුණැගල, පොල්ගහවෙල, අලව්ව ආදී ප්‍රදේශයන්හි සිට කොරෝනා වයිරසයේ අවදානමට ලක් වූ පිරිස් වන්නි ගුවන් හමුදා කඳවුරේදී නිරෝධායනය සිදු කල අතර එහිදී සියලුම පුද්ගලයින් පී.සී.ආර්. පරික්ෂණයකට ලක් කර කොරෝනා වයිරසය වැළඳී නොමැති බවට තහවුරු වීමෙන් අනතුරුව මෙසේ නිවෙස් වෙතට රැගෙන යන ලදි.
නිරෝධායනය කාල සීමාව තුලදී ගුවන් හමුදා නිලධාරීන් විසින් අවශ්‍ය සියලුම පහසුකම් තමන්ට ලබා දුන් බවටත් වයිරසයේ අවදානමට ලක් වූ සියලුම ශ්‍රීලාංකිකයින් නිරෝධායනය වෙනුවෙන් සහය ලබා දෙන ලෙසටද අද දිනයේදී නිරෝධායනය අවසන් වී නිවෙස් වෙතට යන පිරිස් වැඩි දුරටත් පැවසූහ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ගුවන් හමුදාවෙන් නිරෝධායනය කල 180 ක් නිවෙස් වෙතට