(ඉන්දිකා රාමනායක)
ගුවන් හමුදාවට අයත් කටුනායක පුපුරණ ද්‍රව්‍ය ගබඩාවෙන් ඇමෝනියා නයිට්‍රේට් නැමැති පුපුරන ද්‍රව්‍ය සොරා ගැනීම සම්බන්ධයෙන් ගුවන් හමුදා සැරයන්වරයකු,නාවික හමුදා සුළු නිලධාරියකු ඇතුළු සිව්දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
මෙම ගබඩාවේ තිබූ ඇමෝනියා නයිට්‍රේට් පුපුරන ද්‍රව්‍යවල අඩුවක් ඇති බවට ගුවන් හමුදා විනය අධ්‍යක්ෂවරයා පොලිසියට කළ පැමිණිල්ලකට අනුව කැලණිය කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය පරීක්ෂණ ආරම්භ කර තිබිණි.
මෙම පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීම සම්බන්ධයෙන් ඉහත සැකකරුවන් සිව්දෙනා සමග සමග ත්‍රිරෝද රථයක් ද අත්අඩංගුවට ගෙන තිබිණි.
මොවුන් මේවා ගල් වැඩ පොළවල් වෙත අලෙවි කර ඇති බවද පොලිසිය පවසයි.
සැකකරුවන් විසින් සොරාගන්නා ලද ඇමෝනියා නයිට්‍රේට් තොගයෙන් කිලෝ 70 ක ප්‍රමාණයක් සොයාගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්කොම කෙරුවේ මම