(රංජන් කස්තුරි)
චීනයේ වුහාන් නගරයෙන් වාර්තා වන නව කොරෝනා වෛරස් උණ රෝගීන් ශ්‍රී ලංකාවට පැමිණේද යන්න සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන බව කොළඹ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය.
කොළඹ බණ්ඩාරනායක ගුවන් තොටුපළ පරිශ්‍රයේ පිහිටුවා තිබෙන සෞඛ්‍ය ඒකකය මේ සම්බන්ධයෙන් දැනුවත් කර ඇතැයිද වෛද්‍ය සමරවීර මහතා කීවේය.
මේ අතර එම උණරෝගය පැතිරයාම හේතුවෙන් ගුවන් ගමන් සීමාකිරීමේ අවශ්‍යතාවක් නැතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිරේදේශ කර තිබෙන බවද ඔහු කීය.
හැමවිටම මනා සෞඛ්‍ය පුරුදු අනුගමනය කළ යුතු අතර කහිනවිට හා කිවිසින විට ලේන්සුවකින් මුව ආවරණය කිරීම, නිතර නිතර සබන් යොදා දෑත් පිරිසිදු කිරීම ආදී පුරුදු මගින් මෙම රෝගය බෝවීම වළක්වාගත හැකිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චීන්නුද? හාපෝ... අර කුරුළු උණත් ආවේ එහෙන් වගේ මතක... චීන්නුන්ගෙන් ප්‍රවේශම් වන්න.