(දයාරත්න ඇඹෝගම)
කැකිරාව පොලිස් වසමේ සමගිගම ප්රදේශයේ පිහිටි ගල් වළක දිය නෑමට ගිය කම්කරුවන් දෙදෙනෙකු ඊයේ (17) දියේ ගිලී මියගොස් ඇති බව කැකිරාව පොලිසිය පවසයි.
මෙසේ දියේ ගිලී මියගොස් ඇත්තේ හපුතලේ ප්රදේශයේ පදිංචි ධර්මසාමි ශ්රී කන්නන්(39) හා ධර්මසාමි ප්රභාහරන්(41)නැමති පුද්ගලයන් දෙදෙනෙකි.
කැකිරාව ප්රදේශයේ පාසලක ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ කටයුත්තක් සඳහා හපුතලේ ප්රදේශයේ සිටමිය ගිය පුද්ගලයන් දෙදෙනා ඇතුළු පුද්ගලයන් පස් දෙනෙකු තමන් නවාතැන් ගෙන සිටි ස්ථානය ආසන්නයේ පිහිටි ගල් වළකට දිය නෑමට ගොස් සිටියදි මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පැවසිය.
මෙදින මෙම පුද්ගලයන් පස් දෙනාම දිය නෑමට ගොස් ඇති අතර ඉන් තිදෙනෙකු නවාතැන් පලට පැමිණ ඇති අතර ඉන් පුද්ගලයන් දෙදෙනෙකු නවාතැන්පලට නොපැමිණිම නිසා සිදුකළ සොයා බැලිමේදි ගල්වලේ දියේ ගිලි සිටියදි ඔවුන්ගේ සිරුරු සොයා ගෙන තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd