
(බිමල් ශයාමන් ජයසිංහ සහ ශාන්ත කුමාර කුලරත්න)
ගලබොඩ අත්තේ ඥානසාර හිමියන් වැඩ වාසය කරන රාජගිරිය නාවල සද්ධර්ම රාජික විහාරයේ ආරක්ෂාවට සිටි කොස්තාපල්වරයා වෙඩි වැදී මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි නීතිවේදී එෆ් යු වුට්ලර් මහතා පැවසීය.
මෙලෙස මිය ගොස් ඇත්තේෙ අනිල් උදයසිරි ගුණවර්ධන නමැති කොස්තාපල්වරයාය.
ඔහු රාජකාරී සඳහා භාරගෙන තිබූ ටි 56 ගිනි අවිය උපයෝගී කරගෙන වෙඩි තබා ගන්නට ඇතැයි ද එම ගිනි අවිය ඔහුගේ පාද අසල වැටී තිබෙන අයුරු නිරීක්ෂණය වන බව පොලිසිය කියයි.
විහාරස්ථානයට ඇතුළුවන ප්‍රධාන දොරටුව ආසන්නයේම මුරකුටිය ස්ථානගත කර ඇති අතර ඒ තුළ තිබෙන ඇඳ මත සිට ඔහු මෙලෙස වෙඩි තබා ගන්නට ඇතැයි පොලිසිය සඳහන් කරයි .
කොස්තාපල්වරයා සියදිවි නසා ගැනීමට හේතුව ඔහු දරුණු නිදන්ගත රෝගයකින් පෙළෙමින් සිටීම බවට දැනගන්නට ලැබුණ බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාට්ටියක් පටන් ගත්තා , දැන් ජනතාව බුද්ධිමත්, උඹලා අප්ඩේට් වෙයන්