(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)
පවතින ආර්ථික අර්බුදයට එරෙහිව ගාලු කොටුව අබියස දී පැවති සාමකාමී විරෝධතා ව්‍යාපාරයට සන්නද්ධ යුධ හමුදා සෙබළුන් කණ්ඩායමක් පැමිණ, එහි සිටි විරෝධතාකරුවන් බලහත්කාරයෙන් විසුරුවා හැරිමෙන් කඩවූ මූලික අයිතිවාසිකම් වෙනුවෙන් රුපියල් ලක්ෂ 50ක වන්දියක් ඉල්ලා නීතිඥවරයක් සහ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද (01) ගොනු කළහ .
නීතිඥ අමරදිවාකර ලියනාරච්චි සහ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් කුමාර යන මහත්වරුන් ගොනු කොට ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස ගාලුකොටුව ගැමුණු හේවා බලඇණිය භාර අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් අසේල විජයරත්න මහතා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ ඇත.
නීතීඥ මංජුල මංජුල බාලසූරිය මහතා විසින් ගොනු කරනු ලැබ තිබූ මෙම පෙත්සමෙන් ඉල්ලා ඇත්තේ ඉකුත් 30 වැනිදා ගාල්ල ප්‍රදේශයේ පැවති උද්ඝෝෂණයට පැමිණි සන්නද්ධ යුධ හමුදා සාමාජිකයින් පිරිසක් එම රැළියේ සිටි උද්ඝෝෂණකරුවන් බලහත්කාරයෙන් විසුරුවා හැර ඇති බවත් එමගින් ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවත් ය.
මේ හේතුවෙන් මෙම පෙත්සම විභාගයට ගන්නා ලෙසට පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යන්න මල්ලි... යන්න මල්ලි... කියා නොවෙයි. ඉල ඇට කැඩෙන්න දෙකතුනක් බෙදලා.. ඔය කාලකන්නි ජෙප්පන් එළවා දමන්න.
මේ නූගත් අයටත් අමතක නොවෙන පාඩමක් උගන්නන්න ඕනෑ. ඔවුන් දන්නේ රජය කියන ඕනෑම වැඩක් කරන්න.