
(සුජිත් හේවාජුලිගේ)
ග්‍රාමීය සහ විවිධ සමූපකාර බැංකුවල සිදුවී ඇතැයි පැවසෙන රුපියල් කෝටි දාහකට වැඩි මුදල් වංචා දූෂණ සහ අක්‍රමිකතා විගණනයේ යම් යම් දුර්ලතා සහ ප්‍රමාදයන් හේතුවෙන් කාලයක් තිස්සේ සොයා ගැනීමට නොහැකිව ඇතැයි වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම් රත්නායක මහතා පැවසීය.
බස්නාහිර පළාතේ පමණක් ග්‍රාමීය සහ සමූපකාර බැංකුවල රුපියල් කෝටි 500කට වැඩි
මුදල් වංචා සිදුව ඇති බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා මෙයට අමතරව වයඹ සහ මධ්‍යම පළාත්වලද විශාල වශයෙන් මුදල් වංචා සිදුව ඇති බව ප්‍රකාශ කළේය.
ග්‍රාමීය බැංකුවල දූෂණ වංචා සහ අක්‍රමිකතා බොහෝ ප්‍රමාණයක් පළාත් මට්ටමේ විගණනයෙන් සොයා ගැනීමට නොහැකිව ඇති බවත් ඇත්තටම සිදු වූ දූෂණ වංචාද විගණන ප්‍රමාදයන් හේතුවෙන් අනාවරණය කරගත නොහැකිව පවතින බවත් ඔහු සඳහන් කළේය.
මේ අනුව අමාත්‍යාංශය විගණනය ශක්තිමත් කර ගැනීමට මැදිහත් වෙමින් සිටින බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා ග්‍රාමීය බැංකු විගණනය සිදුවන්නේ පළාත් විෂයට අදාළව බවද ප්‍රකාශ කළේය.
මේ සම්බන්ධයෙන් සමූපකාර කොමසාරිස්වරිය සමඟ දීර්ඝව සාකච්ඡා කරන බවද ඔහු කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම වංචා වලට සමූපකාර දෙපාර්තමේන්තුවේ අයත් සම්බන්ධයි.
එකගයි. නිසි නියාමනයක් සිදු නොවේ. මධ්‍යම පළාතේ විශේෂයි. නියාමනයට සිටින අයත් එක්ක එකට ගේම් ගහන්නේ. සාක්ෂි සමග පෙන්වා දුන්නත් බලධාරින් වහනවා. යට ගහනවා. විගණනයට එන නිලධාරීන් අන්ත දූෂිතයි. හසලක සමූපකාර සමිතියේ සිදු වී ඇති තත්වයන් සෝචනීයයි. වගකීමෙන් කියන්නේ. කුමන තැන්වලට දැනුම් දුන්නද ඵලක් නැත. පනත් වෙනස් විය යුතුමයි. පළාත් දෙපාර්තමේන්තුවලට වැඩි ඉහළ නියාමනයක් අත්‍යාවශ්‍යයි.