
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රුපියල් කෝටි 11200 ක් වැයකර සීනි කිලෝ කෝටි 56 ක් 2024 අවුරුද්දේ ආනයනය කර ඇතැයි කර්මාන්ත සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.
2025 ජනවාරි පෙබරවාරි මාස දෙකේදී පමණක් සීනි කිලෝ කෝටි දාහතරක් ආනයනය කර ඇතැයි පැවසු අමාත්‍යවරයා ඊට දෙකෝටි හතළිස් ලක්ෂයකට වැඩි මුදලක් වැය කර ඇතැයිද සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතිං ඒකද සීනි කර්මාන්තශාලා ටික පාඩු කරවලා වහලා දාන්න හදන්නේ? ඡන්දෙට ඉස්සෙල්ලා කිව්වා නේද සීනි අපනයනය කරනවා කියලා. දැන් නම් මේ ගොල්ලන්ට හොඳටම ට්‍රැක්...
මනුස්සයෝ අපිද ඕවා බලන්න ඕනේ...? රජය ද වැඩ කරනවා කයිය නැතිව. කයිය විතරයි...
මේ වසරේ මුල් මාස දෙකට සීනි කිලෝ කෝටි 14ක් ආනයනය කලා කියලා කියනවා. ඒ වගේම පසුගිය දිනක ප්‍රවෘත්තියකින් කිව්වා අලෙවිකර ගැනීමට නොහැකිව සීනි කිලෝ මෙට්‍රික් ටොන් 17000 පැලවත්තේ තියනවා කියලා. සේවක වැටුප් ගෙවීමට මෙට්‍රික් ටොන් 500ක් අඩු මුදලකට (සමස්ථ පාඩුව රු. ලක්ෂ 420 ක් පමණ) අලෙවි කළා කියලා. ඒ වගේම ඇතිමලේ සීනි කර්මාන්ත ශාලාවේ මේ වන විට අලෙවිකර ගැනීමට නොහැකිව ඇති සීනි ප්‍රමාණය මෙට්‍රික් ටොන් 6000ක්. කොතැනද වැරැදිලා තියෙන්නේ?
ගණන් ගන්න එපා ලොක්කා... ආණ්ඩුව මාරු වුණාම අලුත් අය කියයි ලුණු ගෙනාපු කෝටි ගාණ. ඔයාලා තාම පරණ කුණු අවුස්ස අවුස්සා ඉන්න එකනේ කරන්නේ ලොක්කා. දැන් ඔයාලා ආණ්ඩුවේනේ. ඔය කෙබර මුඛ කුහර ටිකක් වහගෙන වැඩක් කරමු ලොක්කා...
සීනී වලින් හිටපු දූෂිත දේශපාලුවෝ... කොමිස් ගහලා ගසා කෑවා. පාලකයා අති දූෂිතයෙක් නම් වටේම ඉන්න අය ගැන මොන කතාද?
මෙතන වාර්තා කරන්නේ කොමිස් ගැහිල්ල නෙවෙයි. පරිභෝජනය ගැන... වහල්ලුන්ට ඒක තේරුම් ගන්න බැහැ. ඕක අඩුකරගන්න සීනි වලට ලුණු කවලම් කරගන්න.
දුඹුරු සීනි බලෙන් කවන්න බෑ. ඒ නිසා වෙළඳපොළ ඉල්ලුම තියෙන මෙතනෝල් නිෂ්පාදන වැඩිකර පාඩු නොලබන තත්ත්වයට ගෙන ඒමට හැකියි නේද? එවිට මෙතනෝල් ආනයනය අඩුකරන්න පුළුවන් නේද? බනින්න බලාගෙන ඉන්න අය මොනවා කළත් කෑගහන එක ඇත්ත...