(තිලකරත්න දිසානායක)
ගම්පහ දිස්ත්‍රික්කයෙහි කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අද (10) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල 1213 හමුව ඇති බවත් මින් 202 ක් වන වැඩිම පිරිසක් බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් හමුව ඇති බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය දත්ත සදහන් කරයි.
සෙසු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයන් ආශ්‍රිතව ආසාදිතයින් හමුවීම ගම්පහ - 193 ක්, මහර - 152 ක්, අත්තනගල්ල - 140 ක්, ජාඇල - 127 ක්, රාගම - 100 ක්, වත්තල - 67 ක්, දිවුලපිටිය - 58 ක්, කැලණිය - 50 ක්, සීදූව - 37 ක්, දොම්පෙ - 24 ක්, කටාන සහ මිනුවන්ගොඩ කොට්ඨාසයන්ගෙන් - 22 දෙනෙකු බැගින්, මීගමුව - 10 ක් සහ මීරිගම - 9 දෙනෙකු වශයෙන් සිදුව ඇත.
පැය 24 ක් තුල කර්මාන්තශාලා ආශ්‍රිතව ආසාදිතයින් හමුවීම 62 කු වශයෙන් සිදුව ඇති අතර එය ආයෝජන කලාපය කටුනායකකින් ආසාදිතයින් - 33 දෙනෙකු සහ බියගමින් ආසාදිතයින් 29 දෙනෙකු වශයෙන් සිදුව ඇත.
එම කාලය තුල ආසාදිතයින් 423 දෙනෙකු ප්‍රතිකාර පිනිස රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇති අතර සැක සහිත රෝගීන් 61 දෙනෙකු රෝහල් ගත කොට ඇති බවත් ආසාදිතයින් 280 දෙනෙකු ඔක්සිජන් සහිත ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 280 දෙනෙකි.
ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 21,840 දෙනෙකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෑම පළාතකම පාහේ ගම්පහ දිස්ත්‍රික්කය, බියගම, වඩුවගම, දෙල්ගොඩ යන ප්‍රදේශ වල ජනතාවට එන්නත ලබා දිය යුතුය.සෑම ගමකම පළමු එන්නත පන්සලේදී ලබා දෙනු ඇත, දෙවනුව කථා නොකරයි