(තිලකරත්න දිසානායක)
ගම්පහ ප්‍රදේශයට කුඩු බෙදන බවට සැකකරන ගම්පහ යූ.සී.වත්තේ කොණ්ඩය පැය හයක මෙහෙයුමකින් පසු අත්අඩංගුවට ගත් බව ගම්පහ පොලිසිය කියයි.
මොහු ගම්පහ ප්‍රදේශයේ හෙරොයින් බෙදා හැරීම සිදු කරන බවට තොරතුරු ලැබී තිබියදී ගම්පහ විශේෂ කාර්යාංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සැකකරු විජයාරාම පාරේදී අත් අඩංගුවට ගන්නා අවස්ථාවේ හෙරොයින් ග්‍රෑම් 4 මිලි ග්‍රෑම් 500 ක ප්‍රමාණයක් සන්තකයෙහි තිබූ බව පොලීසිය පවසයි.
ගම්පහ කොට්ඨාසය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරී තුසිත කුමාර සහ ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් ජයසිංහ යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ දූෂණ මර්ධන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක බිනුර රණසිංහ මහතා ඇතුලු නිලධාරීන් පිරිසක් විසින් සැකකරු අත් අඩංගුවට ගෙන ඇත.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ගම්පහ කුඩු මුදලාලි අල්ලයි
Pradeep Tuesday, 21 September 2021 05:17 PM
එතකොට අර මීගමුවේ කුඩු මුදලාලිව කවද්ද අල්ලන්නේ..?