(තිලකරත්න දිසානායක)

ගම්පහ දිස්ත්‍රික්කයෙහි කොරෝනා ආසාදිතයින්,අද (15) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල 2270 දෙනකු  වාර්තා වි ඇතැයි දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය දත්ත සදහන් කරයි.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 15 ආශ්‍රිතව අද උදෑසන වනවිට 329 දෙනෙකු වන වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව දොම්පෙ කොට්ඨාසයෙන් හමුව ඇති අතර සෙසු කොට්ඨාසයන්ගෙන් ආසාදිතයින් හමුවීම මහර - 244 ක්, බියගම - 210 ක්, වත්තල - 203 ක්, ගම්පහ - 181 ක්, මීරිගම - 160 ක්, කටාන - 139 ක්, මිනුවන්ගොඩ - 135 ක්, දිවුලපිටිය - 133 ක්, රාගම - 131 ක්, ජාඇල - 117 ක්, කැලණිය - 113 ක්, අත්තනගල්ල - 100 ක්, මීගමුව - 42 ක් සහ සීදූව කොට්ඨාසයෙන් ආසාදිතයින් - 33 දෙනකු වශයෙන් වාර්තා වෙයි.

පැය 24 ක කාලය තුල දිස්ත්‍රික්කයේ කර්මාන්තශාලා ආශ්‍රිතව ආසාදිතයින් 66 දෙනෙකු හමුව ඇති බවත් එය ආයෝජන කලාපය කටුනායකකින් - 59 ක් සහ බියගමින් - 7 දෙනෙකු වශයෙන් බව දත්තයන්හි සදහන්ය.