(ඩයනා උදයංගනී)
කොවිඩ් 19 වයිරසය හේතුවෙන් මේ වන විට ගැබිනි මවුවරුන් 14 දෙනකු සහ අවුරුදු 5ට අඩු දරුවන් 13 දෙනෙක් මරණයට පත්ව ඇතැයි පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා (මාතෘ හා ළමා සෞඛ්‍ය) විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය පැවසුවාය.
කොවිඩ් පළමු රැල්ලේ සිට මේ දක්වා ගැබිනි මවුවරුන් 2,404 දෙනෙක් එම වයිරසයට ගොදුරු වී ඇතැයි ද වෛද්‍යවරිය සඳහන් කළාය.
ගැබිනි මවුවරුන්ගේ මරණ සියල්ල වාර්තා වූයේ කොවිඩ් තුන්වන රැල්ලේ දී බව ද ඇය කීවාය. විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය මේ බව පැවසුවේ පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ දී අද (30) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
අධිරුධිර පීඩනය, දියවැඩියාව, වකුගඩු හා අක්මාගත රෝග, අධික ස්ථුලතාව ආදියෙන් පීඩා විඳින සහ වයස අවුරුදු 35ට වැඩි ගැබිනි මවුවරුන්ට කොවිඩ් ආසාදනය වුවහොත් සංකූලතා ඇතිවීමේ වැඩි අවදානමක් ඇතැයි ද ඇය කීවාය.
කොවිඩ් හේතුවෙන් මිය ගිය මවුවරුන් ද එවැනි අය බව වෛද්‍යවරිය සඳහන් කළාය.
ගැබිනි මවුවරුන් වෙනුවෙන් කොවිඩ් මර්දන එන්නත්කරණය ආරම්භ කළේ ඒ හේතුවෙන් බව කී වෛද්‍යවරිය බලාපොරොත්තු වූ ගැබිනි මවුවරුන් ප්‍රමාණය එන්නත් ලබාගෙන නැතැයි ද පැවසුවාය.
යම් යම් සංකූලතා ඇති ගැබිනි මවුවරුන් එන්නත් ලබාගැනීම ඉතා වැදගත් බව ද ඇය කීවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd