(නිමන්ති රණසිංහ)
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගිනි ගැනීමේ සිද්ධියෙන් කැස්බෑවුන් හාරසිය දාහත් දෙනකු, ඩොල්ෆින් මත්සයින් හතළිස් අට දෙනකු සහ තල්මසුන් අට දෙනකුගේ මළ සිරුරු වෙරළට ගොඩ ගසා තිබු බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම මහත්මිය හමුවේ අද (30) අනාවරණය කළේය.
වනජීවී දෙපාර්තමේන්තුව විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දෙනු ලැබූ දත්ත වාර්තාවන්ට අනුව මෙම සතුන්ගේ මරණ පිළිබඳව කරුණු අනාවරණය වන බව සඳහන් කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මේ බව අධිකරණයට දැනුම් දුන්නේය.
ගිනි ගැනීමට ලක්වූ එම නෞකාව සමීපයෙන් ලබාගත් ජල සාම්පලවල පෙට්‍රෝලියම් සංඝටක අඩංගුව තිබූ බව රස පරීක්ෂක වාර්තා අනුව අනාවරණය වන බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේය.
නෞකාවේ ගින්න හේතුවෙන් මුහුදු ජලයට විස රසායනික ද්‍රව්‍ය හා ඉන්ධන මුසු වී ඇති බවට ද රජයේ රස පරීක්ෂකවරයා විසින් නිකුත් කරනු ලැබූ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.
එක් එක් වෙරළ තීරවලට ගොඩ ගසා තිබේ සතුන්ගේ මෘත ශරීර පිළිබඳව ඒවාට අදාල අධිකරණවලට කරුණු වාර්තා කර ඇති අතර, එම සතුන්ගේ මෘත ශරීර රජයේ රස පරීක්ෂකවරයා සහ පශු වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත අධිකරණ නියෝග මත යොමුකර ඇති බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැන්විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකෙනුත් මැණික් පොකුරු මතුවෙන්න පුළුවන්...!
කෝ මේ රත්තරන්..?
අර රෝහිත ඇමැතිතුමාව එක්ක යන්න නැව 80%ක් රත්වෙලාද බලන්න. ආ තව වට්ටක්කා වාසුත් ඕනෑ නැවේ ඩොලර් තියනවද හොයන්න....