(කුෂාන් ජයවර්ධන සහ දයාරත්න ඇඹෝගම)
ගිනි අවි දෙකක් සමඟ මුස්ලිම් ජාතික සැකකරුවන් දෙදෙනෙකු අද (26) ගල්නෑව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා මස්සිනාලා බව පොලිසිය හඳුනාගෙන ඇත.
අත්අඩංගුවට පත් සැකකරුවන් නෙල්ලියගම ප්‍රදේශයේ පදිංචි මුස්ලිම් ජාතිකයෝ වෙති.
සැකකරුවෝ වයස අවුරුදු 35 - 40 ත් අතර වයසේ පසුවන්නෝ වෙති.
ග්‍රීස් ගල්වා සකස් කරන ලද බෝර 12 වර්ගයේ ගිනිඅවි දෙකක්, පීවීසී බට දෙකක ඇසුරුම් කර තිබී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී එම ගිනි අවි සඳහා යොදන ජීව පතොරොම් 42ක් ද පොලිස් බාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් ගල්නෑව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
(ඡායාරූප - කුෂාන් ජයවර්ධන)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුත්තලමේ බූරුවා හිතන් ඉන්නේ ඉංග්‍රීසියෙන් ඒන ලිපියක් සිංහලයට පරිවර්ථනය කර යැවූ පමණින් බුද්ධි අංශ සක්‍රීයයි සිතාය. නිවැරැදි සක්‍රීය බුද්ධි අංශයක් තිබුණා නම් අදාල සැකකරුවන් පැය 24ක් ඇතුළත කුදලාගෙන හැකියාව තිබිය යුතුයි..