( එච්. චන්දන )
පුත්තලම - පාලවිය ගුවන් ගම ප්‍රදේශයේ පෞද්ගලික වත්තක තිබූ බලපත්‍ර සහිත ගිනි අවි දෙකක් සොරකම් කළ පුද්ගලයකු එම ගිනි අවි දෙක සමග අත් අඩංගුවට ගත් බව පුත්තලම පොලීසියේ අපරාධ අංශය කියයි.
පුත්තලම පොලීසියේ අපරාධ අංශයට මීට දින තුනකට පමණ පෙර ලැබුණු පැමිණිල්ලකට අනුව කරන ලද මූලික විමර්ශණවලදී අණාවරණය වූ කරුණු අනුව එම වත්තේ මුරකරු සැක පිට අත් අඩංගුවට ගෙන ප්‍රශ්ණ කිරීමේදී අසල වත්තක පොළවේ සගවා තිබූ බෝර 12 ගින අවිය හා වායු රයිප් ගිනි අවිය හා ඒ සදහා භාවිතා කරන උණ්ඩ සියල්ලම සොයා ගැනීමට පොලිස් නිළධාරින්ට හැකි වී තිබේ.
අද 13 දහවල් මෙම වැටලීම සිදු කලේය.
කිසියම් අපරාධයක් සිදු කිරීමට හෝ තවත් අයකුට හොර රහසේ අලෙවි කිරීමේ අරමුණින් මෙම ගිනි අවි සොරකම් කලේද යන්න පොලීසිය සැක පහල කරයි.
සැකකරු හා අත් අඩංගුවට ගත් ගිනි අවි පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ගිනි අවි දෙකක් සොරකම් කළ අයෙක් අත්අඩංගුවට