IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


කොළඹ වරායේ ආනයනික නිෂ්කාෂණ කටයුතු විද්‍යුත් ගෙවීම් ලෙස සිදු කිරීමට පහසුකම්

(නිමල කොඩිතුවක්කු)

කොළඹ වරායේ සියලු ආනයන නිෂ්කාෂණ කටයුතු අන්තර්ජාල පහසුකම යටතේ විද්‍යුත් ගෙවීම් ලෙසින් සිදු කිරීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය පියවර ගෙන තිබේ.

වරාය භාවිතා කරන්නන්ට කිසිදු අපහසුතාවයකින් තොරව සිය වරාය ගෙවීම් කටයුතු පහසුවෙන් සිදුකිරීමේ අපේක්ෂාවෙන් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක බව වරාය අධිකාරිය නිවේදනය කරයි.

ඒ අනුව පූර්ණ හා අර්ධ බහලුම් නිෂ්කාශනය කිරීමේදී විද්‍යුත් ක්‍රමවේද ඔස්සේ ගෙවීම් සිදු කිරීමට අදාළ නිශ්පාදන ආයතන හරහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙබ් අඩවිය වන www.slpa.lk වෙත පිවිස සිය සේවාවන් ඉටු කර ගැනීමට සියලු පහසුකම් සලසා ඇත.

සෞඛ්‍ය ආරක්ෂිත රෙගුලාසි වලට අනුව කටයුතු කරමින් වරාය සේවක පිරිස සහ වරාය භාවිතාකරන්නන් අධි වසංගත තත්ත්වයෙන් ආරක්ෂා කිරීමට සියලු පියවර ගෙන  ඇතැයිද ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක මහතා පැවසීය.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ අනෙකුත් සියලුම පර්යන්ත උපායමාර්ගික අර්බුද කළමනාකරණ සැලැස්මක් ක්‍රියාවට නංවමින් වරාය මෙහෙයුම් නිසි පරිදි පවත්වා ගැනීමට කටයුතු කර ඇති බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.



අදහස් (0)

කොළඹ වරායේ ආනයනික නිෂ්කාෂණ කටයුතු විද්‍යුත් ගෙවීම් ලෙස සිදු කිරීමට පහසුකම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 620 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1032 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site